(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් 19 වසංගතයත් සමග රට වසා දැමුණු කාලසීමාවේදී විවාහ මංගල උත්සව ලක්ෂ හතක් පමණ කල් දමන්නට සිදුව ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි.
මෙය රටට කෙටි කාලීනව හෝ දීර්ඝ කාලීනව සිදුවූ විශාල පාඩුවක් බව පැවසූ රාජ්‍ය ඇමතිවරයා රටේ සාමාන්‍ය කාලයේදි වසරකට දරු උපත් තුන් ලක්ෂ පනස් දහසක් පමණ සිදුවූ බවද සඳහන් කළේය.
කොවිඩ් වසංගතය නිසා මේරටේ මේ දක්වා 3500ක් පමණ මිය ගොස් ඇතැයිද ඔහු පැවසුවේය.
කොවිඩ් වසංගත තත්වය යම්කිසි මට්ටමක පැවතුණද විවාහ මංගල්‍ය උත්සව සෞඛ්‍යය මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්වීමට රජය අවසරදීම ඉතා හොඳ තීරණයක් බව රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට රට වහලා තොවිලයක් නැටුවනේ... අන්තිමට ගොඩගියේ පිටරටවල්... ජයවේවා..!!!
එව්වාටත් ධම්මික පැණිය දීලා කෝටි ගණන් හොයමු..
ඉතින් මොකද? වෙඩින් ඕනෑමද විවාහ වෙන්න? වෙඩින් ඕනමයි කියන අයට නම් ඉතින් මළගෙවල් ගන්න පුළුවන් අන්තිමට..!!!
මට නම් වෙඩින් වලින් අඩුවක් තිබ්බේ නෑ පහුගිය කාලෙම... බිස්නස් හොඳයි.