(සුමිත් ප්‍රේමතිලක)
කොරෝනා මළ සිරුරක් වැරදීමකින් මුදාහැර මල්ශාලාවේ එම්බාම් කරන අතරතුර නැවත පානදුර මූලික රෝහලට රැගෙන යාමේ සිද්ධියක් එම රෝහලෙන් වාර්තා වෙයි.
මෙසේ නැවත රෝහල වෙත රැගෙන විත් ඇත්තේ , පානදුර , වත්තල්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයෙකු ගේ මළසිරුරක් බව පැවසේ.
පසුගිය 12 දා රාත්‍රි මියගිය පුද්ගලයාගේ මළ සිරුර පානදුර මූලික රෝහලේ දී පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කර ඇති අතර , ඔහුගේ පවුලේ අයවලුන්ට කොරෝනා තත්ත්වයක් නිරෝධායනයට ලක්ව නොමැති බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙතින් ලබාදුන් නිර්දේශයකට අනුව පි.සී.ආර් වාර්තාව ලැබීමට ප්‍රථමයෙන් .දේහය ඥාතීන්ට මුදාහැර තිබේ .
ඒ අනුව මෘත දේහය පානදුර , පල්ලිය මුල්ල ප්‍රදේශයේ මල් ශාලාවකට රැගෙන ගොස් එම්බාම් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
එම අතරවාරයේදී ලැබී ඇති පී.සී.ආර් වාර්තාවට අනුව , මියගොස් ඇති පුද්ගලයාට කොවීඩ් 19 වයිරසය වැළඳී ඇති බවට තහවුරුව, කලබල වූ රෝහල් කාර්ය මණ්ඩලය වහා මල්ශාලාව වෙතගොස් වෙත ගොස් නැවත මෘතදේහය පානදුර මූලික රෝහල වෙත රැගෙන විත් ඇතැයි වාර්තාවෙයි .
ඒ අනුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් මල්ශාලාවේ කාර්ය මණ්ඩලය සහ නිවැසියන් දින 14 ක් නිරෝධායනයට ලක්කර තිබේ .
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා නැතැයි කියා මල්ශාලාවට රැගෙන ගිය සිරුර නැවත රෝහලට
සිරිබිරිස් Friday, 14 May 2021 10:56 AM
පුදුම දේවල් අප්ප අහන්න ලැබෙන්නේ .