(සුජිත් හේවාජුලිගේ )

කවුරු කුමක් පැවසුවත් කොරෝනා තුන්වැනි රැල්ල තවම අවසන් නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පැවසුවාය.

හැමෝම තුන්වෙනි රැල්ල අවසන් යැයි සිතාගෙන සිටියද ඒ සිතුවිල්ල වැරදි යැයි ඇය සඳහන් කළාය.

රැල්ලක් උඩට තවත් රැල්ලක් මතුවිය හැකි යැයි පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරිය ඩෙල්ටා කොරෝනා වයිරසය විවිධ තැන්වලින් හමුවෙන හෙයින් එය වැඩි දෙනෙකුට පැතිරී යෑමේ හැකියාවක් තිබෙන බවද කීවාය.

මෙය මෙතනින් නවත්වා ගැනීම කාගේත් වගකීමක් බව සුසී පෙරේරා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.