(සුජිත් හේවාජුලිගේ )
චීනයේ නිෂ්පාදිත සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක තොගයක් මෙරටට හෙට(10) ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා විදේශයකින් එකවර ලැබෙන වැඩිම කොරෝනා මර්දන එන්නත් ප්‍රමාණය මෙය බවද ඔහු සඳහන් කළේය.
මෙම එන්නත් ගෙනඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානා දෙකක් චීනයේ බේජිං නුවරට ගොස් ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම එන්නත් තොගය මිලදී ගැනීමට කටයුතු කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රයෝජනයක් නෑ...
ඉන්දුනීසියාවේ තොග ගාණක් මැරිලා ඕක ගහලා. යුරෝපයට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ චීන ඉන්ජක්ෂන් එක ගහලා...
ඒක හරිම කුහක කතාවක්නේ... එන්නත් ප්‍රයෝජනයක් නැතිනම් මොකෙන්ද ප්‍රයෝජනය තියෙන්නේ?
පිට රටට වෙලා මේවාට ප්‍රතිචාර දාන කට්ටියට කියන්නේ... බටහිර රටවල එන්නත ගන්න බැරි නම්, චීන එක හරි ගහලා.., අපේ ජීවිත බාරගන්න ඕනේ..
චීනය ලෝකෙ කෝවිඩ් පාලනය කරපු සාර්ථකම රට... චීනේ ගහන්නෙත් මේකම තමයි. ලෙඩ්ඩු ලක්ෂයක් නැහැ තාම චීනේ...