
(සුජිත් හේවාජුලිගේ)
ජනතාවට කෝරෝනා මර්දන එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ යුද හමුදා වෛද්‍ය බලකායේ මූලිකත්වයෙන් කොළඹ විහාර මහා විහාරමහාදේවි උද්‍යානයේදී අද (15) උදේ ආරම්භ කෙරිණ.
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙවැනි එන්නත්කරණ වැඩපිළිවෙළක් සඳහා කොළඹ විහාර මහා දේවී උද්‍යානය යොදා ගැනෙන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.
මෙම වැඩපිළිවෙල කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් අනුව ආරම්භ වී ඇත.
මේ අනුව වයස 30ට වැඩි පිරිස්වලට එන්නත ලබාදීම විහාර මහා දේවී උද්‍යානයේදී ඊයේ ආරම්භ කෙරිණ. මේ වැඩපිළිවෙළ සතියේ දින පහේම පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි යුද හමුදා හමුදා මූලස්ථානය පවසයි.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත අලකා සිං මහත්මිය විහාර මහා දේවී උද්‍යානයේ එන්නත්කරණ වැඩපිළිවෙල අද (15) උදේ නිරීක්ෂණය කළාය.
මේ අවස්ථාවට යුදහමුදාවේ ප්‍රධානීහු කිහිපදෙනෙක්ද සහභාගි වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය සේවකයන් එක් වැලට වැඩ වරනකොට, ඒ කාලකණ්නි රෝගය ගුරුවරුන්ටත් බෝවෙලා තියෙන මොහොතක කවදටත් රටේ මුර දේවතාවන් වූ ත්‍රිවිධ හමුදාව මේ වසංගතයෙනුත් රට ගලවගන්නවා නියතයි.
ගුරුවරයෙකුගෙන් හරි අධ්‍යාපනයක් ලබපු නැති කාලකන්නි විසින් ගුරුවරු කාලකන්නි ලෙස නම් කිරීම සාධාරණයි.