(සුජිත් හේවාජුලිගේ )
විදේශ රටවලින් මෙරටට කොරෝනා එන්නත් ගෙන්වීමට අතරමැදියන් සේ ඉදිරිපත් වුණු ඇතැම් පෞද්ගලික අංශයේ සමාගම් ෆලයිවුඩ් තුනීලෑලි ගෙන්වන ,කන්ටේනර් බිස්නස් කරන සහ නැව් භාණ්ඩ ප්‍රවාහන කරන ඒවා බවට තොරතුරු හෙළිවී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
කොරෝනා එන්නත් සඳහා අද ලෝකය පුරා කළු කඩ වෙළඳ පොළක් නිර්මාණය වී ඇති හෙයින් ඉන් පරිස්සම් විය යුතු බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය .
අස්ට්‍රාසෙනිකා එන්නත් ඩුබායි ,අබුඩාබි සාජා ,කැනඩාව ,ප්‍රංශය හා ඕස්ට්‍රේලියාව යනාදි රටවල පෞද්ගලික සමාගම් සතුවද පවතින බවත් එම සමාගම්වලින් එන්නත් ගෙන්වීමට මෙරට පෞද්ගලික සමාගම් ගණනාවක් අතරමැදියන් ලෙස සම්බන්ධ වීමට කැමැත්ත පළ කළ බවත් ඔහු කීය.
ගෙන්වන එන්නත් මවු සමාගමේ ඒවාදැයි තහවුරු කර ගැනීමට අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන්නැයි දැනුම් දුන් අවස්ථාවේ දී ඇතැම් සමාගම් ඉන් එහාට කටයුතු නොකළ බවද චන්න ජයසුමන මහතා අනාවරණය කළේය.
එන්නත් ගෙන්වීමේදී ඒවා නිවැරදි ඒවාදැයි තහවුරු කරගැනීම රජයක වගකීම බව ඔහු වැඩිදුරටත් කීය .
COMMENTS
මේවා අපට කියලා හරියන්නේ නැහැ. තවමත් එන්නත ගැන හරිහැටි කලමනාකරණය බැරිවෙලා. මේ විදිහ කතා කියලා ජනතාව නොමග යවන්න හදන්න එපා. ජනතාව ඔබට වඩා බුද්ධිමත්...!!!
කළුකඩකාරයින් මෙහෙත් ඕනෑතරම් ඉන්නේ. මොකෝ මේ බෙහෙතෙන් හරි ගසාකන්න අපේ අයත් ඉඩ ලැබුණොත් නිකං ඉන්න එකක් නැහැ නේද?
ඒකෙනුත් නාන්න හදන්නේ... අතරමැදියන් මොකටද? කාටවත් දෙන්නේ මොකටද? ආණ්ඩුවට බැරිද ඒකවත් කලමනාකරණය කරගන්න..?
දැන් නන්දසේන වගේ මෙයාලත් ප්‍රශ්න අපිට කියන්න පුරුදු වෙලා. හා එහෙමද? අපි මොනවා හරි කරන්න බලන්නම්...!!!
කොරෝනා එන්නත් ගෙන්නන්න කළු කඩකාරයින් රිංගලා සිටින්නේ ඔවුන්ට රජය සමග තිබෙන්නා වූ සම්බන්ධතා නිසා සහ රජයේ වාදේශ සම්බන්ධතාවයන් දුර්වල මට්ටමක පැවතීම ප්‍රධාන හේතු වේ...
තමන්ගේ දුර්වලකම්වලට නිදහසට කරුණු කියනවා. මහාචාර්යතුමන් වගකිවයුතු මීයන් සහ ගෙම්බන් ලක්ෂ 6ක් දැනට මරණය ඉදිරියේ දෙවියන් සිහිකරමින් සිටිති. සුළුදෙයක් නිසි කළමනාකරණයක් කරගැනීමට නොහැකි මහාචාර්යවරයෙක් "පොරටෝක්" දීම ඇත්තෙන්ම ලැජ්ජාවට කරුණකි.
කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් ඉස්සෙල්ලා කියන්න...!!!
එහෙ කියන්නේ ආණ්ඩුව අසමත් කියන එකනේ..