IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


කොරෝනා ආසාදනය වි සිටි බද්දේගම සමිත හිමියෝ අපවත්වෙති

(විනීතා එම්. ගමගේ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී බද්දේගම සමිත හිමියෝ කොරෝනා වයිරසය ආසාදනය වී මාතර පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද පෙරවරුවේ අපවත් වූහ.

අපවත්වන විට උන් වහන්සේ 69 වැනි වියෙහි පසු වූහ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම භික්ෂුන් වහන්සේ වන්නේ ද බද්දේගම සමිත හිමියන්ය.

කොරෝනා රෝගයට ගොදුරු වී රෝහල් ගතව ප්‍රතිකාර ලබා තරමක් සුව වී යළි බද්දේගම පන්සලට වැඩම කර සිටියදී යළි අසාධ්‍ය වීම නිසා මාතර පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටියදී අපවත්ව ඇත.

1991 දී බද්දේගම ප්‍රාාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස දේශපාලනයට ආ  බද්දේගම හිමියෝ එහි උප සභාපතිවරයා වශයෙන් 1997 දී කටයුතු කළහ.

1999 දී දකුණු පලාත් සභාවට තරඟ කොට එහි මන්ත්‍රීවරයෙක්  ලෙස 2001 වනතුරු කටයුතු කළේය.

2001 දී මහ මැතිවරණයට තරඟ කර ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වූ සමිත හිමියෝ මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු භික්ෂුව මෙන්ම ලොව පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී භික්ෂුූන් වහන්සේ ලෙස ද වාර්තාවක් තැබීය.

2004 වසරේ පැවැති මහ මැතිවරණයෙන් පරාජය වූ උන්වහන්සේ යළිත් එම වසරේම පැවැති පළාත් සභා මැතිවරණයේ දී යළි දකුණු පළාත් සභාවට තේරී පත්වූ අතර පළාත් සභා විසුරුවා හරින තුරුම එහි මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය.

බද්දේගම සමිත හිමියෝ ලංකා සම සමාජ පක්ෂ‍යේ මධ්‍යම කාරක සභිකවරයෙක් ලෙස ද දේශපාලන මණ්ඩල සාමාජිකයෙක් ලෙස ද කටයුතු කරමින් සිටියේය.

1952 සැප්තැම්බර් 14 වැනිදා බද්දේගම දම්පාගොඩ දී උපත ලැබූ උන්වහන්සේගේ ගිහි නම වූයේ හැරල්ඩ් ත්‍රිමාවිතාන ය.  13 හැවිරිදි වියේ දී සන්දරවල දුටුගැමුණු විහාරයේ දී  ගණේගම සරණංකර නාහිමියන් ගේ ශිෂ්‍ය හිමිනමක් ලෙස පැවිදි දිවියට ඇතුල් වූයේය.

සමිත හිමියෝ මූලික අධ්‍යාපනය රත්නසාර මහා විද්‍යාලයෙන් ලැබූහ. උඩවත්ත පිරිවෙනේ දී ධර්මශාස්ත්‍රිය අධ්‍යාපනය ලබා කැලණිය විශ්ව විද්‍යාලයෙන් මානව ශාස්ත්‍ර පීඨයට ඇතුල් වූහ. පසුව එංගලන්තයේ ලැංකැස්ටර් විශ්ව විද්‍යාලයෙන් ආගමික අධ්‍යාපනය සම දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලැබූ සමිත හිමියෝ එංගලන්තය රුසියාව ජපානය චීනය මැලේසියාව ආදී රටවල් ගණනාවක ධර්මප්‍රචාරයේ ද නිරතවූහ.

අවසන් කටයුතු අද සවස ‍තුනට බද්දේගම ආදාහනාගාරයේ දී නිරෝධායන නීති අනුව සිදුකෙරනු ඇත. ආගමික කටයුතු සවස දෙකට බද්දේගම නගර ශාලාවේදී සිදුකෙරේ.

 



අදහස් (17)

කොරෝනා ආසාදනය වි සිටි බද්දේගම සමිත හිමියෝ අපවත්වෙති

Sam Sunday, 30 May 2021 02:47 AM

ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සුව ලැබේවා !

:       1       21

Dewa Sunday, 30 May 2021 02:57 AM

නිවන්සුව ලැබේවා

:       1       18

කමල් Sunday, 30 May 2021 03:16 AM

නිවන්සුව ලැබේවා

:       1       16

Always breakdown Sunday, 30 May 2021 03:27 AM

ජාතික සමගියට විශාල සේවයක් කළා . නිවන්සුව ලැබේවා

:       4       35

sachintha jayawardhena Sunday, 30 May 2021 04:38 AM

නිවන් සුව ලැබේවා...!!!

:       1       19

ranji Sunday, 30 May 2021 05:03 AM

ඔබවහන්සේ දේශපාලනය නොකළා නම් වඩාත් හොඳයි... නිවන් සුව ලැබේවා..!!! 

:       1       16

Kasun Sunday, 30 May 2021 05:05 AM

නිවන්සුව ලැබේවා

:       1       16

Sarasi Sunday, 30 May 2021 05:42 AM

නිවන්සුව ලැබේවා

:       1       7

සිරිබිරිස් Sunday, 30 May 2021 06:04 AM

හාමුදුරුවෝ දේශපාලනයේ නිරිත වෙන්නේ ඒ හාමුදුරුවෝ නිසයි... නිවන් සැප ලැබේවා..!!!

:       2       5

මරික්කාර් Sunday, 30 May 2021 07:12 AM

මෙම කම්පන සහගත පුවත ඇසීම අතිශයින්ම කනගාටුවට කරුණකි. උන්වහන්සේගේ අපවත්වීම, නිසැකවම අපේ රටට විශාල පාඩුවක්. බද්දේගම සමිත ස්වාමීන් වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා...!!!

:       1       11

Mohamed Sunday, 30 May 2021 07:33 AM

මොනවා උනත් අපේ ගාල්ලේ මුස්ලිම් ජනතාවත් සමඟ සහයෝගයෙන් කටයුතු කල හිමිනමක්

:       0       12

Kumara Sunday, 30 May 2021 07:47 AM

සිවුර දාලා ගිහින් දේශපාලනය කළා නම් ගොඩක් හොඳයි.

:       5       7

banda Sunday, 30 May 2021 08:03 AM

පන්සලේ ඉඳපු සංඝයා දේශපාලනයට ගෙනාපු මොහුට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදී ඇත. මොහු පසුපසින් දේශපාලනයට ආපු අනිකුත් සංඝයා වහන්සේලා බුද්ධ ශාසනය විනාශ කරමින් පිස්සු කරමින් ඇත.

:       6       8

රනේ Sunday, 30 May 2021 08:38 AM

හිමියනි, ඔබ ප්‍රමාද වූයේද? ඔබට ඔබ මඟහැරුනේද?

:       1       1

විජිත් Sunday, 30 May 2021 08:58 AM

ඔබවහන්සේගේ දේශපාලනය සමග එකඟ නොවූවත්.. දැන් මේ ආත්මයේ අවසානය පැමිණ ඇත. උපදින හැම භවයකම බුදුන් වහන්සේගේ උතුම්වූ ධර්මයේ හැසිරී, දේශපාලනය නමැති යක්ෂයාගෙන් ඇත්වී... අවසානයේ උතුම්වූ නිවන්සුව අත්කරගැනීමට ඔබවහන්සේට හේතුවාසනා වේවා...!!!

:       0       5

Abey Sunday, 30 May 2021 09:40 AM

නිවන් සැප ලැබේවා.. !!! 

:       0       2

mohomed Sunday, 30 May 2021 10:06 AM

මම ඉතා ආදරය කරන හිමි නමක් ... ජාතිවාදය නැති සියලු මිනිස් වර්ගයා වෙනුවෙන් පෙනී හිටපු හාමුදුරු නමක්.. ඔබ වහන්සේට ස්වර්ගය හිමිවේවායි ප්‍රාර්ථනය කරමි.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ජල සෞඛ්‍ය ගිවිසුමකට කැබිනට් අනුමැතිය
2025 ජනවාරි මස 22 70 0

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ IHE-Delft Institute for Water Education මඟින් ප්‍රජා වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


වරාය බටහිර බහලු පර්යන්තයේ උපදේශන කොන්ත්‍රාත්තුවක් පිරිනමයි
2025 ජනවාරි මස 22 201 0

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අදියර II හි බටහිර බහාළු පර්යන්ත දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලසුම මෙහෙයවීම සඳහා උපදේශක සේවාව ලබා ගැනීමේ කො


විද්‍යා තාක්ෂණ ඇමැති මහාචාර්ය පදවිය ඉවත් කරගනියි
2025 ජනවාරි මස 22 1065 2

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබූ මහාචාර්ය පදවි නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන


අලුත උපන් බිළිඳා ළිඳකට දමලා
2025 ජනවාරි මස 22 183 0

තම අලුත උපන් බිළිඳා ළිඳකට දමා ඝාතනය කළ මවක අත්අඩංගුවට ගත් බව චාවකච්චේරි පොලිසිය පවසයි.


එජාප - සජබ සාකච්ඡා සාර්ථකයි
2025 ජනවාරි මස 22 768 3

එක්සත් ජාතික පක්ෂය හා සිදුකළ පළමු සාකච්ඡාව සාර්ථක බවත් ඒ අනුව පක්ෂ දෙක ඒකාබද්ධ කිරීමට එකගත්වය පළවූ බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ම


සමන් දේවාලයේ ඇත් දළ යුගළ දෙකක් අතුරුදන්
2025 ජනවාරි මස 22 810 1

රත්නපුර සබරගමුව මහ සමන් දේවාලය සතු එහි තැන්පත් කර තිබූ ඇත්දළ යුගල දෙකක් දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා භාරදීමට කටයුතු නොකිරීම පිළිබඳව බෞද්ධ කටයුතු


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 452 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 619 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 342 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site