(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පැනගිය කොරෝනා ආසාදිතයකු රෝහලේ ආරක්ෂකයන් සහ පොලිසිය එක්ව අල්ලා ගත් බව හෝමාගම පොලිසිය පවසයි.
මාතර,උයන මාවත, ධර්මරතන මාවතේ පදිංචි (43) හැවිරිදි මෙම රෝගියා කොළඹ ජාතික රෝහලෙන් හෝමාගම මූලික රෝහලට මාරු කර එවූ රෝගියකු බව පොලීසිය කියයි .
හෝමාගම රෝහලේ තුනේ වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් කොරෝනා ආසාදිතයා අද උදෑසන රෝහලේ ගේට්ටුවෙන් පිටව යද්දී ආරක්ෂක නිලධාරීන් දැක,වහා ක්‍රියාත්මක වී පොලීසිය හා රෝහල් කාර්ය මණ්ඩලය එක්ව අල්ලාගත් බව පැවසේ .
ඒ රෝහලේ සිට මීටරයක් පනහක් පමණ දුරින් පිහිටි වෙළෙඳ සලක් අසල රැඳී සිටියදී බව පොලිසිය කියයි.
පසුව රෝහල් බලධාරීන් මැදිහත් වී රෝගියා රැඳී සිටි ස්ථානයට ගිලන් රථයක් යවා රෝගියා නැවත රෝහලට ගෙනවිත් තුනේ වාට්ටුවට ඇතුළත් කළ බව කියයි .
COMMENTS