(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් ආසාදිතව රෝහල් ගත කෙරෙන රෝගීන් සංඛ්‍යාව සියයට 10 කින් පමණ වැඩිවී ඇතැයි කොවිඩ් සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.

මේ අතර රෝහල්වල ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාවද සියයට 8 කින් පමණ වැඩිවී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

මේ තත්ත්වය යටතේ ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් වෙනදාටත් වඩා පරිස්සමින් කටයුතු කිරීම වැදගත් බව සෞඛ්‍ය අංශ පවසයි.