IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


‘කොරෝනා ආපදා තත්වයක් පැමිණියොත් පැය 24ම වැඩකරන්න සූදානම්’

(විනීතා එම්. ගමගේ)
           
කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳ ආපදා තත්ත්වයක් පැමිණියහොත් කිසිදු පැකිලීමකින් තොරව පැය 24ම සේවා සැපයීමට රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සූදානම් යැයි එම සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා ප‍්‍රකාශ කළේය.
           
ඒ සඳහා විශේෂ ගෙවීම් හෝ දීමනා ඉල්ලීමේ බලාපොරොත්තුවක් හෙද හෙදියන් තුළ නැතැයි ද ජනතා බදු මුදලින් වැටුප් ගන්නා කාර්ය මණ්ඩලය තම යුතුකම් ඉටු කරන්නට සුදානම් යැයි ද හෙතෙම  කියා සිටියේය.
           
හදිසි අවස්ථාවන් සඳහා රෝහල් 12ක් සූදානම් කර ඇතැයි රජය ප‍්‍රකාශ කරන නමුත් එකී රෝහල් එකකවත් අවශ්‍ය අවම පහසුකම්වත් නැතැයි කී රත්නප‍්‍රිය මහතා වහා අවශ්‍ය පහසුකම් සූදානම් කිරීමට රජය කටයුතු කළ යුතු යැයි ද පැවැසීය.
           
මුඛ ආවරණ, මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඟළුම් ඇතුළු උපාංග හිඟය දරුණු බවත් මේ වනවිට කුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩල කටයුතු කරන්නේ ප්ලාස්ටික් කැබලි කපා මුහුණු ආවරණය කරගෙන සේවා සැපයීම බවත් ඔහු ප‍්‍රකාශ කළේය.
           
එමෙන්ම ආරක්ෂිත ඇඟළුම් භාවිතා කළ හැක්කේ එක් වතාවක් බවත් වරක් භාවිත කළ ඇඟළුම් ඉවත් කළ යුතු බවත් පෙන්වා දුන් රත්නප‍්‍රිය මහතා ඒ අනුව අවශ්‍ය ප‍්‍රමාණයන් රෝහල් තුළ තිබිය යුතු බවත් පෙන්වා දුන්නේය.
           
කොරෝනා වෛරසය පිළිබඳ පරික්ෂාවන් සඳහා විශේෂිත රසායනාගාර ^ BIO SAFTY LEVEL 4 & තිබිය යුතු යැයි ද එම මට්ටමේ රසායනාගාර ශ්‍රී ලංකාවේ නැතැයි ද කී සභාපතිවරයා විශේෂයෙන් එම රසායනාගාර තුළ මෙම පරීක්ෂාවන් වෙනුවෙන් සැකසූ කුටි ^bio safty cabinet & තිබිය යුතු අතර සූදානම් යැයි කී රෝහල් සියල්ලටම එම රසායනාගාර පහසුකම් ලබා දිය යුතු යැයි ද පැවැසීය. 

කොරෝනා වෛරසය පැතිරයාම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ජාතික කමිටුවේ සාමාජිකයන් 15 දෙනාගෙන් 11 දෙනෙකු වෛද්‍යවරුන් බවත් එවැනි තත්ත්වයක සිට මෙම රෝගය පාලනය කළ හැකි යැයි සිතන්නේ නම් එය විශාල වරදක් බවත් පෙන්වා දුන් ඔහු මේ පිළිබඳව තීන්දු තිරණ ගතහැකි වෛද්‍ය නොවන විශේෂඥවරුන්ගෙන් ද මෙම කමිටුව සමන්විත විය යුතු යැයි සඳහන් කළේය.
           
එමෙන්ම ගුවන්තොටුපලේ දී හඳුනාගත් සැකකටයුතු අයෙක් වෙත්නම් ඔවුන් උණරෝහලට හෝ එතැනින් දියතලාවට ගෙන යාම නොව ගුවන් තොටුපල ආසන්නයේ ඒ වෙනුවෙන්ම සැකසුණ රෝහලකට ඇතුළත් කිරීමට සැලසුම් කළ යුතු යැයි ද ඉදිරියේ ඇති වන තත්ත්වයන්ට මුහුණ දීමට නම් එවැනි රෝහලක් ගුවන් තොටුපල ආසන්නයේ ජනාකීර්ණ නොවන ස්ථානයක ඉදිවිය යුතු යැයි ද හෙතෙම යෝජනා කළේය.
 
මෙවැනි අවස්ථාවක රටට නිවැරදි පණිවුඩ ලබා දෙන පිරිසක් රාජ්‍ය යාන්ත‍්‍රණයේ සිටිය යුතු බව පෙන්වා දුන් රත්නප‍්‍රිය මහතා සමාජයේ සියලූ දෙනා මුඛ ආවරණ පැළඳ සිටිය යුතු නැති වුවත් කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොළඹට පැමිණෙන සියලූ දෙනා මුඛ ආවරණ පැළඳිය යුතු බව පවසා ඇතැයි සඳහන් කළේය.
 
රුපියල් 9.50 මිලැති මුඛ ආවරණයක් රුපියල් 15 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත්තේ ද, රුපියල් 95 ක් වටිනා එන් 95 වර්ගයේ නැවත නැවත භාවිත කළහැකි මුඛ ආවරණයක් රුපියල් 150 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත්තේ ද කවර හේතුවක් නිසා දැයි විමසිය යුතු බව සභාපතිවරයා පැවසීය.  
 

 

 

 

 

 



අදහස් (4)

‘කොරෝනා ආපදා තත්වයක් පැමිණියොත් පැය 24ම වැඩකරන්න සූදානම්’

Gamage Thursday, 30 January 2020 10:38 AM

හැබැයි අපේ අර වෙදඇදුරා නම් කිව්වේ සල්ලි ඕනේ කියලා ඕනේ දෙයක් කරන්න. ඔය වෙදාම තමයි කිව්වේ අම්බුංචේ සේවයත් එපා කියලා කරන්ට් වදිනවා කියලා. ඔය මිනිස්සු දුප්පත් ජනතාවගේ සල්ලිවලින් ඉගෙනගෙන අපිටම හුළං පෙන්නන හැටි... මෙහෙම අයට හරි යාවිද ඉතින්... සල්ලි මත්තේමයි ජීවිතේ.

:       3       129

LakmaThursday, 30 January 2020 12:14 PM

නර්ස්ලා ඔහොම කිව්වට වැඩ නෑ... , IDH හොස්පිටල් ගොඩාක් නර්ස්ලා සුළු සේවකයින් නිවාඩු...

:       0       45

kamal Thursday, 30 January 2020 12:21 PM

ඔය කියන පහසුකම් මොකටද? දැක්කද නෙලුම් කුළුණේ උස? රට ජාත්‍යන්තරේට ගෙනයන්න කරන වැඩවලට අකුල් හෙලන්න එපා...

:       0       2

Nimal Thursday, 30 January 2020 12:22 PM

ඉතින් කොහොමත් පැය 24සේවයක් නෑ... සෞඛ්‍ය සේවය.. කවුරුත් පුන පුනා කියන්න ඕනෑ නැහැ. අපි හැමෝම දන්නවා වැඩ... හෙද සියලු දෙනාම එසේ කරන බව... මෙයා ඒ අස්සෙත් කරන්නේ දේශපාලනය...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 568 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 495 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site