(නිමන්ති රණසිංහ )
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉකුත් ජූලි මාසයේදී පොලිස් නිලධාරීන් පස් දෙනකු මිය ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට කොරෝනා ආසාදිත ව මිය ගිය පොලිස් නිලධාරීන් ගණන 17 ක් බව ද එම බවද එම ආරංචි මාර්ග පවසයි.
කොරෝනා ආසාදිත ව අවසන් වරට එනම් ඉකුත් 31 මියගොස් ඇත්තේ මිරිහාන පොලිසියට අනුයුක්තව රාජකාරි කළ 59 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකි. මෙම පොලිස් නිලධාරියා කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් එකක් හෝ ලබාගෙන නොමැති බවද සඳහන් වෙයි.
පෙබරවාරි සහ අප්‍රේල් යන මාසවලදී දෙදෙනකු බැගින් ද, මැයි මාසයේදී 06 දෙනකු, ජූනි මාසයේදී 4 දෙනෙකු හතර දෙන4 දෙනෙකු සහ ජුලි මාසයේදී පස්දෙනෙකු වශයෙන් පොලිස් නිලධාරීන් 17 දෙනෙකු මේ වන විට කොරෝනා ආසාදිත ව මිය ගොස් තිබේ.
මියගිය අය අතර පොලිස් කොස්තාපල්වරුන් 06 දෙනකු , පොලිස් සැරයන්වරු 06 දෙනකු, උප පොලිස් පරීක්ෂකවරු 05 දෙනකු සහ පරීක්ෂකවරයෙකු ද වෙති.
මෙලෙස මරණයට පත් වූ පොලිස් නිලධාරීන් සේවය කර ඇත්තේ මොණරාගල, ඇටම්පිටිය, පස්සර, තෙල්දෙණිය, අලව්ව, පොල්ගහවෙල, කුරුණෑගල, හලාවත, බුලත්කොහුපිටිය, අම්පාර, මහනුවර, පයාගල, කාරගඩුල, ගිරිඋල්ල, නූරිය, ඇඹිලිපිටිය සහ මිරිහාන යන පොලිස් ස්ථානවල ය .
කොරෝනා ආසාදිත ව මියගිය පළමු පොලිස් නිලධාරියා වන්නේ මොනරාගල පොලිසිය සේවය කළ 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂක පී ඩී නන්දිරිස් අප්පු මහතාය. ඔහු ඉකුත් පෙබරවාරි මස 6 වැනිදා කොරෝනා ආසාදිත ව මිය ගියේය .
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරෝනා අසාදිතවී ඉකුත් මාසයේදී පොලිසියේ 5 ක් මැරිලා
Kasun Monday, 02 August 2021 05:16 PM
මට ඇත්තටම මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ. රටේ හැමදාම 60ක් වගේ ආසාධිතව මියයනවා. ඒ හැමෝම රටේ ජනතාව. ඇයි පොලිස් කියලා විතරක් හඳුන්වා දෙන්නේ..?එහෙන් ඇඟලුම් ආයතනවල, කර්මාන්ත ශාලාවල, රෝහල්වල, ගොවියන්, ධීවරයන් වගේ හැම පැත්තෙම අය කී දෙනෙක් මිය ගිහින් ඇතිද?