(විනීතා එම් ගමගේ)
තම මන්ත්‍රී වැටුප කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් මහජන සුබසාධනය සඳහා පරිත්‍යාගයට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.
එම වැටුප පරිත්‍යාග කිරීම සඳහා වන ලිපිය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට බාර දුන් බවද අමාත්‍යවරයා කීය.
පරිසර අමාත්‍යාංශයේ දී අද (25) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ට ලැබෙන වරප්‍රසාදවලින් කොටසක් හෝ රටේ දුක්විඳින ජනතාව වෙනුවෙන් කැප කරන ලෙස තමන් කළ ඉල්ලීම අනුව ඊට ප්‍රතිචාර රැසක් ලැබෙන බව ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද තමන්ට ලැබෙන මාසික වැටුප පරිත්‍යාග කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ මාසයට තමන්ට හිමි වැටුපෙහි සිට ඉදිරියට කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් තමන්ට ලැබෙන වැටුප රටේ මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට ආහාර සැපයීම හා සෞඛ්‍යමය අවශ්‍යතා වෙනුවෙන් වෙන් කරන්නැයි අමාත්‍යවරයා අදාල ලිපිය බාර දෙමින් ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.
“කොවිඩ් කවදා අවසන් වේදැයි කියන්න බෑ. සමහර විට 2025 දී වත් අපිට කොවිඩ්වලින් නිදහස් වෙන්න බැරි වේවි. රටේ මිනිස්සු බදු මුදලින් ගෙවන වැටුප මගේ හෘද සාක්ෂියට එරෙහිව මගේ පරිහරණය සඳහා මට යොදා ගත නොහැකියි. එම නිසා මගේ වැටුප ඒ කොවිඩ් අවසන් වන තෙක් මා ලබා ගන්නේ නැහැ. සමහරු මෙවැනි පරිත්‍යාග කිරීම් පවා හෑල්ලුවට ලක් කරනවා. මම වෙනත් ආදායම් ඇති කෙනෙක් නොවෙයි. එහෙත් මම මින්පෙර ජීවත්වූ ක්‍රමයක් තිබෙනවා. ඒ අනුව මම මගේ ජීවිතය ඉදිරියට පවත්වාගෙන යනවා” යැයි ද අමාත්‍යවරයා මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසීය
2025 නොවැම්බර් මස 21
174
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
241
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1115
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කොරෝනා අවසන් වන තෙක් අමරවීරගේ වැටුප මහජන සුබසාධනයට
ranjith Wednesday, 25 August 2021 02:20 PM
අගය කළ යුතු දෙයක්...
විජේ Wednesday, 25 August 2021 02:36 PM
හැමදාම ආණ්ඩුවේම ඉඳලා හම්බකරලා තියන විදිහට ඔහොම දීලා මදි මහත්තයෝ...
RaveendraWednesday, 25 August 2021 03:27 PM
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය.. කෙසේවෙතත් මුන්දෑගේ සත්ක්‍රියාව අප හදවතින්ම අගය කරන අතර "දුන් දෙය සුවඳයි කෑ දෙය ගඳයි" යන වටිනා, පැරණි කියමන නැවත වරක් මතක් කරමින් අනාගතයේදී එක එක නාලිකාලා ඉදිරියට ඇවිත් මම මෙහෙමයි ජනතාවට සේවය කළේ කියයි... ඒ නිසා මට ඡන්දය දෙන්න කියලා හොටු පෙරාගෙන අඬමින් ඡන්ද හිඟාකනවා... එහෙම නොවේ හොඳේ ගොයියෝ...
swene Wednesday, 25 August 2021 03:07 PM
ඔබතුමා සැමදාම ප්‍රගතිශීලියි. ගසා කාපු බවක් දැනගන්නම නෑ. අනික් අයටත්, විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේම අනික් දේශපාලකයින්ට ආදර්ශයක් වේවා...!!!
PA - RA Wednesday, 25 August 2021 03:33 PM
මෙයාලා ළඟ පොඩි සල්ලියක්ද ඇත්තේ? ලංකාව සල්ලිවලට ගන්න පුළුවනි ඔය කට්ටියටම, ඇයි බොරුයෑ..?
sunil Wednesday, 25 August 2021 04:48 PM
මේ මනුස්සයා සාපේක්ෂව හොඳ කෙනෙක් හැටියටයි මම නම් දකින්නේ. ත්‍යාග හා මුදල් ගසාකෑම් නෑ. තමාගේ අමාත්‍යාංශයේ නිලධාරින්ට පවා අනවශ්‍ය බලපෑම් නොකරන බවත් ආරංචියි...
corora Thursday, 26 August 2021 08:42 AM
මට පක්ෂ නැත. නමුත් මේ පුද්ගලයා කල දෙය අගය කල නොහැකි නූගතුන් ද සිටී. මෙය ඉතා වටිනා ආදර්ශයකි. පැරණි දේශපාලකයෝ එහෙම තමයි. පරිත්‍යාගශීලියි. ඉතා හොද ආදර්ශයකි.