(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා එහි සියලුම සේවකයන් කොරෝනා පරීක්ෂණවලට යොමු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසයි.
මේ තත්ත්වය නිසා මුළුතැන්ගෙය තාවකාලිකව වසා ඇත.
කෙසේ වෙතත් මුලුතැන්ගෙය හෙට දින නැවතත් විවෘත කිරීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ තත්වය නිසා පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල මුළුතැන්ගෙයින් ආහාර සැපයීමද සිදු නොකෙරුණු බවයි.
මේ අතර පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි සේවකයන් පස් දෙනකුට පමණ පසුගිය දිනවල කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරුවූ බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ආසාදිත සේවකයකු හමුවී ඇතත් මේවනවිට කොරෝනා අවදානම් තත්වය පහව ගොස් ඇති බවයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී කොරෝනා පරීක්ෂණවලට අද යොමු කරවන බව පැවසූ වේත්‍රධාරිවරයා කැමතිනම් පමණක් මන්ත්‍රීවරුන්ට ඒ සඳහා යොමු විය හැකි බවද ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව හෙටඋදේ 10.00ට රැස්වීමට නියමිතය.
COMMENTS
එහෙම කරන්න එපා. රට හදන තැනට වෙලාවට කෑම දෙන්න.
අපරාදෙ ඒක වැහුවේ... නිකන් කන්න දෙන තැනනේ අපේ වැඩකාරයින්ට...