IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොරෝනා අවදානමක්: ඌවේ පාසලක් වහයි

(සමන් පාලිත නානායක්කාර)

හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් හතරක දූදරුවන් සහ ගුරු මණ්ඩලය කිහිප දෙනකුට කෝවිඩ් ආසාදනය වී ඇති  බවට තහවුරුවීම නිසා එක් විදුහලක් වසා තව පාසලක  පන්ති වසා දැමීමට පියවර ගත් බව හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් මහතා පවසයි.

කොස්ගම විදුහලේ ආසාදිත ගුරුවරුන් දෙදෙනකු හමු වීමත් සමග එම විදුහල තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති අතර සොරඟුණේ මහ විදුහලේ පළමු ශ්‍රේණිය, දහය ශ්‍රේණිය සහ එකොලහ ශ්‍රේණිය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව අසංක සම්පත් මහතා පැවසීය.

ආසාදිත දරුවකු හමුවීම නිසා අමිලගම විදුහලේ පහ ශ්‍රේණිය මේ වන විට වසා දමා තිබේ. මේ අතර ඉලුක්පැලැස්ස විදුහලේ තුන ශ්‍රේණියෙන් ආසාදිත දරුවකු හමුවී තිබේ. කෝවිඩ් රෝගීන් පාසල්වලින් මතු වීමට පටන් ගෙන තිබුණද දූ දරුවන්ගේ අධ්‍යාපනය කඩා නොවැටෙන අයුරින් දැනට මතුව ඇති කෝවිඩ් අවදානම පාලනය කිරීම සඳහා උපරිමයෙන් උත්සාහ කරන බවද හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

කොරෝනා අවදානමක්: ඌවේ පාසලක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 20 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 703 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site