(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් ආසාදිතවී මියගිය පිරිසෙන් සියයට 76 ක් එකම කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් අය බව අලුත්ම සංඛ්‍යාලේඛනවලින් හෙළිවී ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය .
කොවිඩ් ආසාදිතව මියගිය පිරිසෙන් සියයට 18ක් එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ගත් අය බවත් සියයට 6 ක් එන්නත් මාත්‍රා දෙකම ගත්තද විවිධ සංකූලතාවලින් සහ බෝ නොවන රෝගවලින් පෙළුණු අය බවත් හෙතෙම සඳහන් කළේය.
මෙරටින් මේ දක්වා වාර්තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව එකොළොස් දහස් පන්සිය හැට හතකි.
මේ අනුව කොවිඩ් මර්දන එන්නත නොපමාව ලබා ගැනීමට යුහුසුළු වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොරෝනාවෙන් මියගිය වැඩි පිරිසක් එන්නත් නොගත් අය
Podi eka Thursday, 16 September 2021 08:51 AM
ආපහු ඉස්කෝලේ සංක්‍යානය එහෙම ඉගෙන ගන්න වෙයි .76% ගණන් හදලා තියෙන්නේ ,එන්නත හොයා ගත්තේවත් නැති කාලේ ඉඳලා මැරිච්ච ඔක්කොම එක ගොඩට දාලා ,ඉන්ජෙක්ෂන් ගැහුවට පස්සේ දත්ත එපැයි සන්සන්ධනය කරන්න .මෙහෙමත් ගොනාට ඇන්දිල්ලක්
lankaputha Thursday, 16 September 2021 09:57 AM
මොන විකාර ප්‍රවෘත්තියක්ද ... සම්පුර්ණ දත්ත නොකියා ඔබ මෙවැනි දෙයක් කියන්නේ කෙසේද .. එන්නත ලබා නොගත් කණ්ඩායමෙන් තවත් රෝගීන් සිටියා නම් එම කණ්ඩායමෙන් තවත් මරණ සංඛ්‍යාවක් සිදු විය යුතුයි ... එබැවින් මෙම විශ්ලේෂණය එය හරියට සමහර මාධ්‍ය මඟින් පක්ෂග්‍රාහී ලෙස විශ්ලේෂණය කිරීමකි
mihira Thursday, 16 September 2021 09:59 AM
අමූලික බොරු කතා ,එහෙම දෙයක් නෑ .එන්නත් ගත්තත් මැරෙනවා. ලෝකේ අපට වඩා එන්නත් දුන් රටවල් දිහා බලන්න .මේ කියන කතා වල කිසි විශ්වාසයක් නෑ අපට
සිල්වා Thursday, 16 September 2021 10:27 AM
මෙයාල බයිල කියන්නෙ. ලොකු අය එන්නත අරගත්තද කියලා හොයලා බලන්න. මෙයාලා පොඩි මිනිසුන් සමග සෙල්ලම් කරනවා. හොද සිංහල බෙහෙත් මිනිසුන්ට ගන්න දෙන්නෙ නැ. එන්නත් වල විපාක ඉස්සරහට බලන්න පුළුවන්.
මහසෙන් Thursday, 16 September 2021 12:02 PM
ඇත්ත ද .හා පිලිගත්තා.දෙකම විදලත් මිය ගිය අයට වෙනත් ලෙඩ තිබිලා නේ ද? එතකොට දැන් මරණ අඩුයි කියලා පෙන්නගෙන නැති වෙන ජීවිතත් එහෙම වෙන්න ඇති.එන්නත ගහන්න ගත්ත දවසේ ඉදලා.මෙහෙමත් බයිලා
nadun Thursday, 16 September 2021 12:26 PM
දැන් මේකේ කමෙන්ට් දාලා තියන අය මොකක් කරන්නද දැන් නෑ කියන්නේ ?නාකි වෙලා මැරෙනකම් ගෙදරට වෙලා පරිස්සමෙන් ඉදහල්ලා
මහසෙන්Thursday, 16 September 2021 02:08 PM
.මේ ප්‍රසිද්ධියේ කියන ප්‍රොඩාකාරී කතා ගැනයි කියන්නේ රට්ටු කන්නේ තණ කොල කියලා හිතාගෙන.
fairoos Thursday, 16 September 2021 12:53 PM
ඉස්සෙල්ල හැමෝටම එන්නත් ගෙන්නන්නකෝ .ඊට පස්සෙනේ ගහන්න පුළුවන්
Dr. Sanjeewa Thursday, 16 September 2021 01:52 PM
කරුණාකර පළමුව සංඛ්‍යා ලේඛන ඉගෙන ගන්න. බොරු කියන්න එපා
Sriland Thursday, 16 September 2021 04:09 PM
එතකොට මීට කලින් අවුරුදු වල මරුන අය ගැන මොනාද කියන්නේ ?වැක්සින් ගැහුවට පස්සේ කවුරුත් මැරෙන්නේ නැද්ද ?බොරුව නතර කරන්න .මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න .ස්තුතියි