(සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් ආසාදිතවී මියගිය පිරිසෙන් සියයට 76 ක් එකම කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් අය බව අලුත්ම සංඛ්‍යාලේඛනවලින් හෙළිවී ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය .

කොවිඩ් ආසාදිතව මියගිය පිරිසෙන් සියයට 18ක් එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ගත් අය බවත් සියයට 6 ක් එන්නත් මාත්‍රා දෙකම ගත්තද විවිධ සංකූලතාවලින් සහ බෝ නොවන රෝගවලින් පෙළුණු අය බවත් හෙතෙම සඳහන් කළේය.

මෙරටින් මේ දක්වා වාර්තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව එකොළොස් දහස් පන්සිය හැට හතකි.

මේ අනුව කොවිඩ් මර්දන එන්නත නොපමාව ලබා ගැනීමට යුහුසුළු වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.