IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කර්නල් ජයන්ත ඇතුළු 8 දෙනාගේ ඝාතන නඩුව විභාගයට අවසර

(උපාලි ආනන්ද )
 
 
ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයාව  සිටි කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු  අට දෙනෙකු විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළදී කොටි ත්‍රස්තවාදීන් විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව ලබන නොවැම්බර් 13 වැනි දා විභාගයට ගැනීමට අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ  විනිසුරු ගියාන් චන්ද්‍ර රණවක  මහතා  නියෝග කළේය. 
 
මෙම නඩුවේ  විත්තිකාර  කොටි සංවිධානයේ හිටපු සාමාජිකයින් දෙදෙනා එදින දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
 
මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර අංක දෙක මහාධිකරණය හමුවේ  යළි කැඳවූ  අවස්ථාවේ මෙසේ නියෝග කෙරිණි.
 
මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා දැනට වසර හතකට අධික කාලයක් මෙසේ රිමාන්ඩ් බාරයට පත්ව සිටිනුයේ සූරියකාන්තන් ජෙයචන්ද්‍රන් හෙවත් උදයන් හෙවත් අයියන් සහ ශිව ප්‍රකාශන් ශිවශීලන් හෙවත් ඉලෙයියන් යන කොටි සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයින් දෙදෙනෙකි.  
 
අනුරාධපුර විශේෂ මහාධිකරණයේ භාෂා පරිවර්තක සාවිල් හමිදු මොහොමඩ් නිලාම් මහතා මෙම නඩුවේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කරයි. 
 
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ රියාස් බාරි මහතා සමඟ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා පෙනී සිටියේය.
 
 
 



අදහස් (0)

කර්නල් ජයන්ත ඇතුළු 8 දෙනාගේ ඝාතන නඩුව විභාගයට අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site