IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කරන්නාගොඩට නොතිසී නිකුත් කරන්නැයි සීඅයිඩීය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

(නිමන්ති රණසිංහ)

කොටහේන ප‍්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීල්ඩ් වසන්ත කරන්නාගොඩ මහතාට ලබන 23 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නොතිසියක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (15) ප‍්‍රතික්ෂේප කළේය.

මෙම සිද්ධියට අදාළව වසන්ත කරන්නාගොඩ මහතා වෙත නොතීසියක් නිකුත් කිරීමට අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලෙසට නීතිපතිවරයා තමන් වෙත උපදෙස් ලබා දුන් බැවින් මෙම ඉල්ලීම සිදුකළ බව මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.

මෙම තැනැත්තා වෙත නොතීසියක් නිකුත් කිරීමට නම් අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ කුමන වගන්තියක් ප‍්‍රකාරව සිදුකළ යුතු දැයි යන්න නීතිපති නියෝජනයක් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළ යුතු බැවින් එය ඔවුන් වෙත දැනුම් දෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙමින් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය. 



අදහස් (2)

කරන්නාගොඩට නොතිසී නිකුත් කරන්නැයි සීඅයිඩීය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Rata Perata Tuesday, 15 October 2019 07:48 PM

පොල් ගෙඩි 11ක් හොරකම් කරලා උසාවි ගියානම් එවෙලේම තීන්දු ගන්න තිබුණා. මේක නම් එච්චර දෙයක් නෙමෙයි නේ, මිනිස්සු 11ක් නේ.

:       268       414

සමන්තWednesday, 16 October 2019 09:09 AM

මේ අතුරුදන් වූවන් රටට පිළිලයක් වුණු අය බව අමතක කරන්න එපා.. මෝඩ විදියට අදහස් පල කරන්න එපා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site