
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව ට හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් වන රහසිගත වාර්තාවක් ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය අද ( 01) නීතිපතිට අවසර ලබා දෙන ලදී.
එම කරුණු සහිත රහසිගත වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව සතුව ඇති බැවින් එය ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා කල ඉල්ලීම පිළිගත් අධිකරණය විසින් මෙම අවසරය ලබා දෙන ලදි.
එම වාර්තාව අද (02) අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නීතිපතිට නියම කෙරිණ.
ඒ සම්බන්ධයෙන් වන ලිඛිත මෙම මස 03 වැනිදා ට පෙර ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියම කෙරිණ.
හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අතුරුදන්වූ තරුණයන් ගේ දෙමව්පියන් හතර දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම ඉල්ලීම කලේය.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.
සරෝජා ගෝවින්ද සාමි නාගනාදන් හෙවත් එම්.සරෝජනී පෙරේරා, ජමාල්ඩීන් ජෙනී ෆස්ලීන්ජෙනිෆර් වීරසිංහ, දොන් මර්වින් ප්‍රේමලාල් වීරසිංහ, අමීන්තුල් ජිෆ්රියා සාබ්දීන් මෙම පෙත්සම් කරුවෝ වෙති.
නීතිපතිවරයා සහ හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා මෙහි වගඋත්තරකරුවෝ වෙති.
නීතිපතිගේ එම තීරණය ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් කරන ලෙස ද විත්තිකාර හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ට එරෙහිව ගොනු කර ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යන ලෙස නීතිපතිවරයා ට බල කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
2025 දෙසැම්බර් මස 18
29
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කරන්නාගොඩට එරෙහි අධිචෝදනා ඉවත් කරගන්න රහස් වාර්තාවකට අවසර