IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන්

(නිමන්ති රණසිංහ)

කොටහේන ප‍්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් ප‍්‍රකාශ සටහන් කරගැනීම අවසන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (9) කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා හමුවේ ප‍්‍රකාශ කළේය.

එමෙන්ම එම ප‍්‍රකාශවලින් ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණ සිදුකරමින් පවතින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ සහ හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘‘නේවි සම්පත්’’ ඇතුළු සැකකාර නාවික හමුදා නිලධාරීන් හත්දෙනා ලබන 23 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

ඒ අනුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හිටපු නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ, හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘‘නේවි සම්පත්’’, සංජීව ප‍්‍රසාද් තිලංග සේනාරත්න, අන්නච්චි නොහොත් ඉඹුලාවල උපුල් චමින්ද, හෙට්ටි හැන්දි, වර්ණකුලසූරිය ඇන්ටන් ප‍්‍රනාන්දු, සහ නාවික හමුදා සුළු නිලධාරී සම්පත් ජනක කුමාර, යන අයවලූන්ය.

 

 (ඡායාරූපය- ලහිරු හර්ෂණ)



අදහස් (6)

කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන්

Deepal Nirosh Tuesday, 09 April 2019 10:01 AM

ප්‍ර‍කාශ අරන් ඉවර නම් ඇයි තවත් පමා වෙන්නෙ? වහාම අත් අඩංගුවට ගන්නයි තියෙන්නෙ.

:       161       202

Cisco Tuesday, 09 April 2019 11:20 AM

ප්‍රකාශ ගත්ත සියලුදෙනවම ඇත අඩංගුවට ගත්තද? දැන් නැති හින්දයි අහන්නේ?

:       0       0

Sujeewa Tuesday, 09 April 2019 12:05 PM

ඔබතුමාගේ අදහස කැලේ නීතිය ක්‍රියාත්මක කරන්නයී. මුළු රටම දන්නා කරන්නාගොඩ නාවික හමුදාපතිතුමානම්, අප ජනතාව එල්ටීටී සුසයී ගේ බලග්‍රහණයයෙන් මුදවාගත් අවංක නිලධාරියෙකි. අද දමිල, සිංහල, ඉස්ලාම්, බර්ගර් අප සියලු දෙනා, ආර්ථික අමාරුකම් වලින් මිරිකී සිටියත්, රටේ පවතින සාම වාතාවරණය අපට ලබාදුන් ෆොන්සේකා, රොෂාන් ගුණතිලක, කරන්නාගොඩ, මහින්ද සහ ගෝඨාභයට ට දිවි පවතිනතුරු අප ගෞරව කල යුතුය. සිංහලුන්ට ඉතිහාසය මතක සිටින්නේ සති දෙකකකට පමණි.

:       0       0

Chanak Los angeles Tuesday, 09 April 2019 04:52 PM

මේවත් අර ලේකම්ගේ අපරාධ. ලංකාවෙන් නඩු දමන්න බැරිනම් මෙහෙන් කරන්න පුළුවනි .

:       0       0

rasika Tuesday, 09 April 2019 09:32 PM

දීපාල් , අත්අඩංගුවට ගන්න කියන්නේ යුද්දේ තිබුණ වෙලාවේ ප්‍රභාකරන්ට මුහුදෙන් පනින්න නොදී අරෂාකලාටද, නැත්නම්, කොටින්ගේ යුද නැව් පිටින් මුහුදේදී විනාශ කලාටද... පොඩ්ඩක් හොයල බලන්න අවුරුදු 30ක යුද්දෙදි කරන්නාගොඩ මහතාගේ දායකත්වය මොකක්ද කියල ... එහෙම නැතුව කෙනෙක්ට රැකවරණය දුන්න කියන චෝදනාවට විතරක් මෙවන් නිලධාරියෙක්ව ඇත අඩංගුවට ගන්න නීතියක් නැහැ... මෙවෙනකම් හමුදාව යුද අපරාද කල බවට කිසිම තැනක ඔප්පුවෙලා නැහැ..

:       0       0

Chanak Los angelesWednesday, 10 April 2019 02:39 PM

ඔබේ පව්ලේ කෙනෙකු මේ ඝාතනය වූ 11 දෙනා අතර සිටියා නම් ඔහු ප්‍රභාකරන්ට පැනලා යන්න නොදුන් යුධ වීරයෙක් කියා ඒ ඝාතන සාධාරණීය කරනවාද අවංකවම? රටක යුද්ධයක් මැඩලීම හමුදා නිලධාරියෙකු ලෙස ඔහු කටයුතු කර ඇත.. ඒ ඔහුගේ රාජකාරියයි. මෙතන කරලා තිබෙන්නේ යුද්ධයක් නොවෙයි.., සිවිල් වැසියන් පැහැරගෙන ගොස් කප්පන් ඉල්ලමින් කුරීරු ලෙස යම්කිසි හස්තයකගේ අනුග්‍රහයද ලබමින් ඝාතනය කර තිබීමයි. ඔබ කරුවලේ ඉඳගෙන අතපත ගාන්න එපා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1312 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site