(රංජිත් රාජපක්ෂ)
හැටන් ප්‍රදේශයේ ජනතාවගේ සෝ සුසුම් මධ්‍යයේ කිරින්ද වෙරළ තිරයේදී රළ පහරකට හසු වී මිය ගිය පියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (25) හැටන් කුඩාගම පොදු සුසාන භුමියේ දී සිදුකෙරිණ.
අවසන් කටයුතු සඳහා මියගිය අයගේ ඥාතීහු, හිතවත්තු, මිතුරෝ සහ ප්‍රදේශය් සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව එක්ව සිටියහ.
මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූයේ නුවන් ඉන්දික විජේසුරිය (39) (ව්‍යාපාරික), නෙසත්මා සහන්දි විජේසුරිය (06) , නදිශා ඉනොමි විජේසුරිය (04) යන අයයි.
අනතුරෙන් මිය ගිය නුවන් ඉන්දික විජේසුරිය මහතාගේ බිරිඳ වන හසිනි විජේසුරිය මහත්මියද මෙම අනතුරට මුහුණ පා බරපතල තත්ත්වයේ අම්පාර මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මිය ගිය අයට ශෝකය පළකරමින් හැටන් නගරයේ සියලුම කඩ සාප්පුවල සුදු කොඩි ඔසවා නගරය සුදු කොඩි වැල්වලින් සරසා තිබිණි.









COMMENTS
ඔබ දරුවන්ට ආදරෙයි නම් ජීවිතාරක්ෂක සේවාවක් නොමැති පිහිනීමට දන්නැති ස්ථානය ගැන කිසිම දෙයක් නොදන්න වතුර තිබෙන මොනම තැනකවත් නෑමෙන් වලකින්න. ඔබට එහෙම වතුරට යන්න ඕනෙමනම් ඔබ අනිසි ලෙස වියදම් කරන මුදල් වලින් ජීවිතාරක්ෂක ඇඳුම් ගෙන ඒවා දමාගෙන දරුවන් සමග වතුරට යන්න.
මේ දරුවන්ට ඔය විපත කලේ මෝඩ දෙමාපියෝ නේද. මේ රටේ සියලු දෙනාම බුද්ධිමත්ව කටයුතු කර සියලු කරදර විපත් වලක්වා ගනිත්වා
පියාගේ වැරදි තීරණයකට අහිංසක මල් කැකුළු වැනි දරුවන් දෙදෙනෙකු ජීවිතයෙන් සමුගැනීම හද කම්පා කරවන්නකි. බිරිඳ ජීවත් වුවත් ඇය අතරමන් වී ඇත .මේ දුක ඉවසා සිටින්නේ කෙසේද?