(සනත් ගමගේ)
කිරින්ද මුහුදේ දියනාමින් සිටි පියකු සහ දියණියන් දෙදෙනෙකු අද(23) මුහුදු රළකට හසුව මියගොස් ඇතැයිද, මව රෝහල්ගත කර ඇතැයිද කිරින්ද පොලිසිය කියයි.
යාල සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි මෙම පිරිස හෝටලය පිටුපස මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.
සිද්ධියෙන් දිවි ගලවාගත් මව තිස්සමහාරාම දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව කිරින්ද පොලිසිය පවසයි.
දියවැලට හසුව අතුරුදන්ව සිටි තිදෙනාගෙන් පියා සහ දියණියන්ව රෝහලට රැගෙන යන විටත් මිය ගොස් සිටි බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරමය සහ කිරින්ද පොලිසියේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල ජාතිය අවසාන වෙන්නේ නාන්න යාමෙන් සහ වාහන භාවිතයෙන්.
මුහුදේ දියවැල් ඒමේ අගය තිබෙන්නේ අඩු සම්භාවිතාවයක... සිද්ධ වෙන්නේ පිහිනීමට නොදත් කෙනෙක් සුළු රළ පහරකට මුහුණ දුන් විට පැනික් (නොසන්සුන්) වීමෙන් ජලය පෙවීමයි. පිහිනීමට නොදැන ජලාශයකට ගොඩවෙනවා නම් ආරක්ෂක ඇඳුම් සහිතව ගොඩවීමයි කළයුත්තේ..
ලංකාවේ වටේම මුහුද තිබුණත් මුහුද රළු නිසා වැඩි දෙනෙක් පිහිනන්න දන්නේ නැහැ. කරුණාකර මුලින්ම ලංකාවේ සියලුම ප්‍රධාන නගරවල පොදු පිහිනුම් තටාකය බැගින් ඉදිකර පාසල් සිසුන්ට පිහිනීම පුරුදු කරන්න. හවසට පිහිනන්න ඉගෙන ගන්න කැමති අයට සාධාරණ ගාස්තුවක් ගෙවා පිහිනන්න පුරුදු කරන්න. කැමති කෙනෙකුට සාධාරණ ගාස්තුවක් ගෙවලා පිහිනීමට ඉඩ දෙන්න. එතකොට පිහිනුම් තටාකය නඩත්තු කරන්න මුදල් හොයාගන්න පුළුවන්. පිහිනුම් තටාකයක් ඉදිකරන්න යන මුදල ප්‍රාඩෝ එකක මිලට වැඩිය බොහෝ අඩුයි.