IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කරුණා සිඅයිඩියට

(ඉන්දිකා රාමනායක)

එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ නායකයා වශයෙන් කටයුතු කළ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (25) උදෑසන 10.45 ට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පැමිණියේය.

අලිමංකඩ දී සහ කිලිනොච්චි ප්‍රදේශයේ දී හමුදා සාමාජිකයන් තුන් දහසකට අධික පිරිසක් තමා විසින්  ඝාතනය කළ බවට ඔහු කර තිබු  ප්‍රකාශයකට අනුව මෙම ප්‍රශ්න කිරීම සඳහාය.



අදහස් (16)

කරුණා සිඅයිඩියට

සිරා Thursday, 25 June 2020 05:58 AM

ඕවා තමයි නියම නාට්‍ය... කට්ටිය කලින්ම කතා කරගත්ත විදියට දේවල් සිදුවේවි... බලන් ඉන්න අපි තමයි මෝඩයින්...

:       134       375

සංජීව Thursday, 25 June 2020 06:16 AM

තිර පිටපත හොඳට කට පාඩම් කරවලා අරලියගහ මන්දිරයෙන් එවන්න ඇති. දැන් කියයි මට මිනීමරන්න ආයුධ දුන්නේ ප්‍රේමදාස කියලා. ඔය කටඋත්තරේ ඊයේ මහින්ද ප්‍රසිද්ධියේ කිව්වා...

:       31       105

Asanga Thursday, 25 June 2020 06:21 AM

එතකොට ඔය නාට්‍ය සංදර්ශනය ඉවර වෙයිද? හැමදාම අපි තමයි මෝඩයින් වුණේ...

:       27       110

pradeepa Thursday, 25 June 2020 06:27 AM

අපේ සර් හරියට නීතියට රට පාලනය කරන කෙනෙක්... හොඳට බලන්න කරුණා අද යන්නේ ගෙදර නෙමෙයි... හිරගෙදර..කරුණාම කියනවා 2000 - 3000 ක් මැරුවා කියලා... ඔහොම කියනකොට කොහොමද ගෙදර යවන්නේ? හිරගෙදර මිසක්...

:       253       125

Gota mamayiThursday, 25 June 2020 08:58 AM

අපේ කුමරන් පද්මනාදන්ට කළා වගේම තමයි මේ සැරේ කරුණාට කරන්නේ...

:       0       61

ranaFriday, 26 June 2020 07:42 AM

අැවිල්ලා තියෙන්නේ ඔබේ ගෙදරට නේද?

:       0       1

Nishan Thursday, 25 June 2020 06:32 AM

තේ කෝප්පයකින් සංග්‍රහ කරලා බායි සර් කියලා සැලියුට් එකක් ගහලා යවයි...

:       34       122

wimal Thursday, 25 June 2020 06:37 AM

සමහර රටේ ඉන්න කාපාලුවන් මේ වචන ඉදිරියේ අනුවණයින් විදිහට කෑගහනවා. කරුණා කියන්නේ ආමි එකට සැලෙන්ඩර් වුණු කෙනෙක්... කෙරුවා හෝ නොකෙරුවා දැන් ඉන්නේ හරිපැත්තේ... ඡන්දෙ නිසා දේශපාලනයට පාවිච්චි කරන වචන බාරගන්න තරම් මේ රටේ ඉන්න මිනිස්සු අනුවණයින් නොවේ..

:       306       91

අතපත්තු Friday, 26 June 2020 06:34 AM

ඒ කියන්නේ කරුණා ආමි එකේ 3000ක් මැරුවත් දැන් ඉන්නේ මහින්ද මහත්තයගේ පැත්තේ නං ඔහු වැරදි කාරයෙක් වෙන්නේ නෑ. එහෙම නේද? බුද්ධිමත්කම කියන්නේ එහෙම හිතන එකද?

:       0       60

තරිඳු Friday, 26 June 2020 06:37 AM

එතකොට නුවණක්කාරකම කියන්නේ ඒ වචන බාර නොගෙන කරුණාව සුද්ද කරන එකද? පුදුම නුවණක්නේ මේක...

:       0       41

bandula Thursday, 25 June 2020 06:46 AM

ඔහු කිව්වේ හමුදා කණ්ඩායම් 2ක් අතර පැවැති යුද්ධයක් ගැනයි. නමුත් යම් කෙනෙකුට ඔහු පොලිස් නිලධාරින් 600ක් ඝාතනය කළා යැයි ඔප්පු කළහොත්, යුද අපරාධ කරුවකු ලෙසින් දඬුවම් කළ හිකියි.

:       46       37

මුණසිංහThursday, 25 June 2020 09:10 AM

මෙන්න මේක තමා සත්‍යය. යුද්ධයක් කරන කොට දෙපැත්තේ අය මැරෙනවා. ඔය කියන්නේ තමන් අණ දුන්න පැත්තේ ජයග්‍රහණ ගැන... කොහොම නමුත් එය ත්‍රස්ත සංවිධානයක්.... ඒ ගැනත් සැලකිලිමත් විය යුතුයි. නීතිය අනුව කටයුතු සිදු කළයුතු වෙනවා. අමතක නොකළ යුතු අනෙක තමා 88-89 කාලෙ ජවිපෙත් මිනිස්සු මැරුවා. හැබැයි එය යුද්ධයක් නොවෙයි. එදා ජවිපෙ අවි ගනිපු අය අදත් දේශපාලනයේ ඉන්නවා. එහෙම නම් ඒ අයටත් අර නීතියටත් වඩා ප්‍රබලව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි...

:       89       115

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 25 June 2020 07:35 AM

සංවේදී මිනිසුනේ.. මඳක් දෙනෙත් පියා සියලු දේශපාලන කුණුගොඩෙන් මොහොතකට මිදී බලන්න මේ මිනීමරුවා තැන් එසේ කලබවට ප්‍රසිද්ධියේ පුරසාරම් දොඩනා සැටි.. අඩුම තරමේ මොහුට කටපියාගෙන හෝ ඉන්න තිබුණා නේද?... 2000 ක් 3000 ක් කියන්නේ බල්ලන් බළලුන් නොවෙයි නේද? .. මේ රටේ සිංහල මව්වරුන්ගේ පුතුන් ... මේ රටේ පරම්පරා දෙතුන් දාහක් අමුඅමුවේ මරා දැමූ බව නේද මේ ඔහුම ප්‍රසිද්ධියේ පවසන්නේ.. කව්ද කෙනෙකු මේ සඳහා ආයුධත් දුන්නාලු.. ඒ ගැනත් සොයන්න.

:       0       118

sharm warn Thursday, 25 June 2020 07:48 AM

පරණ පුරුද්දට පොර ටෝක් එකක් දීලා මනුස්සයා ඇදගෙන නානවා වගේ... බොහොම හොඳයි. ඒ කාලෙත් මේ ගොල්ලෝ බොරු කිය කිය ලෝකෙ වටේ ලංකාවේ නමත් කැත කළානේ... ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ මේකට තමයි. පව් අර ගම්මන්පිල... මෙයාට සුදුහුණු ගාන්න හදනවා. මහින්ද ලොකු අයියා කිව්වද දන්නේ නැහැ මොකක්හරි කියලා ෂේප් කරන්න කියලා...

:       0       17

ranjith Thursday, 25 June 2020 07:55 AM

මේ වගේ ප්‍රකාශ කරන අපරාධකාරයින්ට නිසි දඬුවම් නොදී දේශපාලන වාසියට බේරගන්න කතා ගොතන එක විහිළු නිසා දේශපාලකයොත්, රටත් විහිළුවකට පත්වෙනවා.

:       0       26

Bamunuarachchi Saturday, 27 June 2020 02:05 PM

කරුණා අම්මාන් ඔබ දෙමළ ජනතාවට දුන්නු ලණුව කෑවේ ජෙප්පොයි, අලිමංකඩ පාමංකඩ නොදන්නා ගොයියෝයි. මොකද ඒගොල්ලෝ හිටියේ ඇඳන් යට නිසා. අපි දන්නවා යුද්ධය කාලේ කිසිම අවස්ථාවක හමුදා සෙබළුන් 2000-3000ක් මැරුණා කියා වාර්තා වුනේ නැහැ. අනික හමුදාවම කියනවා 800ක් පමණ හමුදාව මැරුණු සටන මෙහෙයවූයේ බාල්රාජ් සහ බානු කියලා. කරුණා සහාය දුන්න‍ා පමණක් බව... අනික ඒකාලේ එපමණ මරුණා නම් වග කීම ගන්න ඕනේ අපේ නායකයින්. ඒ කාලේ යුද්ධය නියම නායකයින් නැතුව අයාලේ ගිය එකක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31125 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13255 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10950 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 48 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site