
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කරුණා අම්මාන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ස්ථාන දෙකකදී මාධ්‍යයට කර ඇති ප්‍රකාශ වලින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් , ඔහු වහා අත්අඩංගුවට ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් , එම ප්‍රකාශ වලින් සිදු වූ හානියට රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකාර පාර්ශවයට නොතීසි නිකුත් නොකරම පෙත්සම ප්‍රතික්ෂේප කෙරිණි.
ඉදිරි මහමැතිවරණය සඳහා තරඟවදින අපේක්ෂකයින් කැඳවා විමර්ශන සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත දැනුම්දීමක් සිදුකර ඇති බවට මාධ්‍ය ඔස්සේද තොරතුරු වාර්තා වී ඇතැයි පෙන්වා දුන් සභාපති විනිසුරු නවාස් මහතා මෙම සිද්ධියට අදාළ පොලිස් විමර්ශන කටයුතු මූලික අදියරේ පවතින බව පෙනී යන හෙයින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට තරම් සාධාරණ කරුණු කිසිවක් අනාවරණය නොවන බව පෙන්වා දුන්නේය.
ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේය.
අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී.නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නියෝග ලබා දෙන ලදී.
කඩුවෙල මහ නගර සභාවේ ජාතික හෙළ උරුමයේ නාගරික මන්ත්‍රීවරයකු හා උපකාරක පන්ති ගුරුවරයකු වූ බෝසෙත් කලෙහේපතිරණ මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ වැඩ බලන පොලිස්පතිවරයා නම් කරනු ලැබ සිටිති.
නීතීඥ යළිත් විජේසුන්දර මහතා මාර්ගයෙන් ගොනු කළ රීට් පෙත්සමේ මෙසේ ද සඳහන් විණි.
පෙත්සම්කරු වෘත්තීයෙන් උපකාරක පන්ති ගුරුවරයෙකු වේ.එසේම කඩුවෙල මහ නගර සභාවේ ජාතික හෙළ උරුමයේ නාගරික මන්ත්‍රීවරයකුද වේ.
විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඉදිරි මහමැතිවරණය සඳහා දෙමළ එක්සත් නිදහස් පෙරමුණ පක්ෂයෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරග වදී.
ඉකුත් ජුනි 20 වැනි දා අම්පාර දිගාමඩුල්ල ප්‍රදේශයේ පැවති මහජන රැස්වීමක දී අදහස් දැක්වූ කරුණා අම්මාන් තමා කොරෝනා වයිරසයට වඩා භයානක පුද්ගලයකු බවත් තමන් අලිමංකඩ ප්‍රදේශයේ එක් රැයක දී හමුදා සාමාජිකයින් 2000 ක් 3000 ක් පමණ ඝාතනය කර ඇති බවත් ප්‍රසිද්ධියේ මාධ්‍යයට ප්‍රකාශ කරනු ලැබ ඇත.
මීට අමතරව ඉකුත් ජුලි 3 වැනිදා ද කරුණා අම්මාන් විසින් කොටි නායක ප්‍රභාකරන් විසින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා මැරීමට උපදෙස් දුන් බවත් , එසේ කළා නම් කිසිදු ගැටලුවක් දැන් නැතැයි යනුවෙන් ද ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරනු ලැබ ඇත.
මෙම ප්‍රකාශ දෙක තුළින් කරුණා අම්මාන් දණ්ඩ නීති සංග්‍රහයේ 293 සහ 294 යන වගන්ති යටතේ සඳහන් වැරදි මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකර ඇත.
සාක්ෂි ආඥා පනතේ 17(1) වගන්තිය ප්‍රකාරව මෙය අපරාධයක් පිළිබඳව සිදුකළ පිළිගැනීමක් මෙන්ම පාපොච්චාරණයක් ද වේ.
මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මේ පිළිබඳ රහස් පොලීසියට පැමිණිලි කර ඇත. අපි සැවොම නීතියේ ආධිපත්‍යයට ගරු කළ යුතුය.
එබැවින් විනාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක් වන්දියක් අය කර දෙන්නැයි ද පෙත්සමින් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලුපැටව් වගේ නගුට වනන නඩුකාරයෝ ඉන්නකොට මේ වගේ තීන්දු සුළු වැඩක්..
අන්න එහෙමයි වෙන්න ඕනේ දේශප්‍රේමීන්ට...
ඔබ පැතූ වෙනස සිදුවීමෙන් පවතියි..
දේශපාලකයින්ගේ රෙදි අපුල්ලන නියම දේශප්‍රේමියෙක්...
මෙතුමා මේ රටේ ජාතික වීරයෙක් වී හමාරයි වගේ තමයි මට නම් හැඟෙන්නේ. ඒ නිසා, මොහු වැන්නන් සිරගතකරනවා වෙනුවට, මෙවැන්නන් දසදහස් ගණනින් බිහි කිරීමයි කළයුතු වන්නේ.. අන්න එදාට තමයි සිංහලයාගේ මොලේ පෑදෙන්නේ...
එ්ක එහෙම තමයි මේ පැත්ත හිටියා නම්, අනිත් පැත්ත හිටියා නම් අද හාමුදුරුවරු, ෆුල් ටයිම් පාරේ බැහැලා වැඩ...
රජතුමා හිතන් ඉන්නේ කරුණාට දැන් දේශප්‍රේමී ලේබල් එක අලවපු නිසා ඉස්සර දළදා මාලිගාවට බෝම්බ ගහපුවා. අරන්තලාවේ හාමුදුරුවරු 30නමක්, පොලිසි නිලධාරින් 600ක් ඝාතනය කිරීම, හමුදාවේ සෙබළුන් ඝාතනය කිරීම වගේ දේවල් දැන් කරන්නේ නැහැ. ජාතිවාදයෙන් අන්ධවුණු දකුණේ වහල්ලු ඉන්නවා පොහොට්ටුව දිනවන්න. උතුරේ පරණ කොටි ප්‍රමුඛ දෙමළ ජාතිවාදියෝ ඉන්නවා. එහෙන් පොහොට්ටුවට කතිරෙ ගහන්න. රජතුමනි, ලංකාවේ සියලු දෙනාම මැදමූකලානේ බයියන් මෙන් නොසිතන බව සලකන්න.
රජතුමා හිතාගෙන ඉන්නේ අපි සේරම බයියන් කියලා..
රණ විරුවන්ව පහතටම වැටුණා. තියපල්ලකෝ ඔලුවටම මහා එකාගේ.
ඔය නඩු අහන එක එක්කෙනාගේ ගොට්ටෝ නරකද නඩු අහන එක නවත්වලා හරක් බලන්න ගත්තා නම්..?
රංජා මල්ලිගේ හඬ පටි අහපු අපිට මේවා මැජික්ද?
මණ්ඩලේ ඉන්න 95% දූෂිතයන් කියලා රංජා කියපු කතාවල යම් සත්‍යයක් තිබෙන බව පෙනී යනවා.
සරත් ෆොන්සේකා කට වරද්ද ගත්තම දේශද්‍රොහියා, අපහස සහ හිරේ. කරුණා කට වරද්දගෙන ඇත්තටම කිව්වත් ඔහු දේශප්‍රේමීය, පැසසුම් සහ හිදහස්. රෙස්පෙක්ට් සර්.
කරුනා ඇතුළු බොහෝ කොටි කල්ලියට සම්බන්ධ අයට පොදු සමාවක් දුන් බව හැමෝටම අමතක වෙලා. මේ විදියට බැලුවාහම උතුරේ දේශදේශපාලකයන් ඔක්කෝම හිරේ දාන්න වෙනවා, මොකද මේ කට්ටිය කොටි කල්ලිය එක්ක එකට වෙලා සිංහලයන්ගෙ හම් වලින් සපත්තු මහන කතා පවා කලානේ. නමුත් අපි ඒවා පස්සේ පන්න පන්නා ජාතිවාදී ප්‍රශ්න ඇතිකගන්න ගියේ නැහැ. එබැවින් කරුනාටත් එම අවස්ථාව හිමි විය යුතුව ඇත. දැනට ත්‍රස්තවාදය කරන්නේ නැත්නම් ඔය අතීතය අමතක කරන්න ඕනෑ, ඔහු දැන් දේශපාලන මාර්ගයේ ගමන් කරන්නෙක්.
රටට ආදරේ තියෙන සිංහල ජාතියට ආදරේ කරන මිනිසුන්ට ඡන්දේ දෙන එක තමා දැන් කරන්න තියෙන දේ.
ඔන්න බයියන්ට තවත් හයේ පාරක්.
කොහොමද? දැන් සැපද?
අඩුම ගානේ ඔයාලගේ පක්ෂයේ මිනිස්සුවත් කීවේ නැහැනේ...
ඇයි මොකක්ද ප්‍රශ්නය, කරුණා නොසිටින්න සමහර විට ඔයාලත් මැරිලා.