IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කුරුණෑගල සිද්ධියෙන් අගතියට පත් කාන්තාවන්ට නොමිලේ නීති ආධාර

(පුෂ්පකුමාර ජයරත්න )

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් වලට ලක්ව අගතියට පත් කාන්තාවන් වෙනුවෙන්  නොමිලේ නීති ආධාර ලබාදීම සඳහා " ලීගල් ඇක්ෂන් " නමැති නීති ආධාර ලබාදීමේ සංවිධානය ඉදිරිපත්ව සිටියි.

අද (31) කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණි ලීගල් ඇක්ෂන් සංවිධානයේ අධ්‍යක්ෂ නීතිඥ චානක අබේවික්‍රම මහතා මේ බව සඳහන් කළේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණ සිටි කාන්තාවන් හමුවී ඔවුන්ගේ තොරතුරු විමසූ නීතිඥ අබේවික්‍රම මහතා තමන්ටසිදුවී ඇති හානියක් සම්බන්ධයෙන් අධිකරණයට ගොස් නීතිමය පිළිසරණක්  බලාපොරොත්තු වන කාන්තාවන් සඳහා තම සංවිධානය නොමිලේ නීති ආධාර ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කළේය.

වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන්ගෙන් තමන්ට යම් හානියක් සිදුව ඇතැයි සැක කරනවානම් පළමුව ඒ සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ පිහිටුවා ඇති පැමිණිලි ඒකකයට පැමිණිලි කර ඉන්පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට යන අවස්ථාවේදී හෝ අධිකරණයට යන අවස්ථාවේදී තම සංවිධානයේ සහාය ලබාදෙන බවද නීතිඥ චානක අබේවික්‍රම මහතා පැවැසීය.



අදහස් (13)

කුරුණෑගල සිද්ධියෙන් අගතියට පත් කාන්තාවන්ට නොමිලේ නීති ආධාර

Raveendra Friday, 31 May 2019 02:20 PM

නීතිඥ මහත්වරුන්ගේ මෙම තීරණය අප අවංකවම හදවතින්ම අගය කරන්නෙමු.

:       1107       3066

ධනුෂ්කSaturday, 01 June 2019 12:16 AM

එතකොට නීතිඥ මහත්තුරු හොඳයි. හැබැයි එක්කෙනක් මොකක්හරි වරදක් කලොත් මුළු නීතිඥ සංහතියටම වස්කවි කියනවා. මම දැක්කා ඔබතුමා කුරුණෑගල අර වෛද්‍යවරයගේ වරදට වෛද්‍යවරු ඔක්කොටම වෛද්‍ය හොරු කියලා නමක් දාලා අවලාද නගලා තියනවා. එතකොට ඔවුන් මෙතෙක් කල සේවයෙන් ජීවිත බේරා ගැනීම්, සුවපත් කිරීම් ඔක්කොම ඉවරයි.

:       0       0

sumuSaturday, 01 June 2019 09:30 AM

මෙවන් තීරණයකටත් ඩිස්ලයික් දමන්නේ මොනවගේ මිනිස්සුද?

:       27       109

GG Friday, 31 May 2019 11:07 PM

මේ නෝනලාව බලෙන්ද සැත්කමට අරන් තියෙන්නේ...? ඇයි මෙච්චර කල් බලධාරීන්ට නොදන්වා හිටියේ? 21න් පස්සෙද දැනගත්තේ එයාලට මෙවැනි දෙයක් කළා කියලා.

:       0       0

kakiyana Lea Saturday, 01 June 2019 12:40 AM

අවංකව උදව්කිරීමේ චේතනාවෙන් මේ වැඩේ කරනවානම් ඔබලා නියම මනුශ්‍යයින්ය. සසර කවදාක හෝ ඒ පින පලදෙනාවය .

:       0       0

ranjith Saturday, 01 June 2019 02:46 AM

අගතියට පත් එක එක්කෙනා මේ මිනිහගෙන් වන්දි විදියට කෝටිය බැගින් ඉල්ලන්න. ආණ්ඩුව වන්දි ගෙවන්න ගියොත් මහජනතාවටනේ එම බරත්

:       0       0

Sarasi Saturday, 01 June 2019 03:19 AM

මීට වැඩිය අගතියට ඒ කාන්තාවන් මීට කලින් පත් වෙන්න ඇති. ළමයින් නැති හෝ තවම එක ළමයාද අසමින් මානසික අවපීඩනයට පත් කරන නෑදෑයන් හා ලාංකික සමාජය නිසා.

:       0       0

jayantha ranatunga Saturday, 01 June 2019 03:31 AM

පව්. අපෙ අම්මලට බොහොම පින් ඉදිරිපත් විමට කල්පනා කලාට

:       0       0

ranjith Saturday, 01 June 2019 08:34 AM

ලොකු පිනක්... ඔබතුමන්ලාට මේ ගොඩක් අම්මලා ඉතා දුෂ්කර ජීවිත ගෙවන නිසා ඒ අයට මෙසේ පිහිටවීම පින් වැඩක්.. ඒ වගේම මෙම සිද්ධි ඇත්ත නම් මෙම පාපී දොස්තරගෙන් හැම අම්මටම වන්දි ගත යුතුයි.

:       2       21

සාන්ත Saturday, 01 June 2019 08:37 AM

ඕක එජාපයෙන් නඩුව පරද්දන්න කරන දෙයක් වෙන්න පුළුවන්. නොමිලේ ඇවිල්ලා... රටේ වෙන දේවල්වල හැටියට කියන්නේ...

:       51       2212

Prase Saturday, 01 June 2019 10:30 AM

සුමූ... ඔබ දන්නේ නැහැනේ කව්ද ඩිස්ලයික් දාන්නේ කියලා...? සිංහල මිනිසුන් විනාශ කරන්න මාන බලමින් ඉන්න.... හැමෝම දන්න නිසා මට අවශ්‍ය නැහැ සඳහන් කරන්න.

:       21       15

duSaturday, 01 June 2019 04:21 PM

ඇත්තම දේ නම් ලයික් දානකොටම ඩිස්ලයික් එකටත් ඔටෝ වැටෙනවා. මටත් එ්ක කීපසැරයක්ම සිද්ධවුණා...

:       0       0

Kumar Saturday, 01 June 2019 02:28 PM

නීතිඥවරු පින්දහම් කරන එක ගැන මේ අැහුවාමයි. අනේ සාදු සාදු...!!!

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site