IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


කුරුණෑගල ශික්ෂණ රෝහල නවීකරණය කිරීමට යයි

(රංජන් කස්තුරි)

කුරුණෑගල ශික්ෂණය රෝහල රුපියල් කෝටි 1200ක් පමණ වියදමකින් නවීකරණය කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ලංකාවේ ප්‍රධාන මාර්ගපහක් එකිනෙකට සම්බන්ධවන කුරුණෑගල නගරයේ ‍මෙම රෝහල පිහිටුවා ඇති අතරවෙනත් දිස්ත්‍රික්ක වලින් ද විශාල ජනතාවක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එම රෝහලට පැමිණෙන බව දසෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය කීවාය.

කොළඹ ජාතික රෝහලට සහ මහනුවර මහ රෝහලට පමණක් දෙවැනි නොවන කුරුණෑගල මහ රෝහල අකර 35 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇත,

රෝහලේ ඇති ඇඳන් සංඛ්‍යාව 2374ක් වන අතර රෝහලේ වාට්ටු සංඛ්‍යාව 84කි. ශල්‍යාගාර 06කින් යුත් එම රෝහලේ සායන 65ක් ක්‍රියාත්මකවේ. කුරුණෑගල රෝහලේ වසරකට ශල්‍යකර්ම 14000 සිදු කරන අතර එම රෝහලට 2020 වසරේ දී ප්‍රතිකාර ලබා ගැනීමටපැමිණි රෝගීන් සංඛ්‍යාව 165875කි.

 



අදහස් (3)

කුරුණෑගල ශික්ෂණ රෝහල නවීකරණය කිරීමට යයි

ජයන්ත Friday, 09 April 2021 04:13 PM

කුරුණෑගල හොස්පිටල් එක නවීකරණය කරන්න පටන් අරගෙන දැන් හුඟක් කල් අවු 02ක් විතර... ආණ්ඩුව ලකුණු දාගන්න හදනවා.

:       1       2

Raveendra Friday, 09 April 2021 04:27 PM

දන්න කාලෙක ඉඳලත් නවීකරණය කරන එක තමයි කරන්නේ. තාමත් හැමතැනම බාගෙට ඉවර කරපු වැඩ. ගොඩනැගිලි වගේම ඉන්න අයගේ මනුස්සකමත් අළුත් වැඩියා කරනවා නම් ගොඩක් හොඳයි. විශේෂයෙන්ම සුළු සේවක සහ ගේට්ටු අසල සිටින ආරක්ෂක නිලධාරීන්ගේ..

:       0       5

PereraTuesday, 27 April 2021 07:40 AM

හරියට හරි. මටත් අසනීපයක් වෙලා වෝර්ඩ් එකට ඇඩ්මිට් කළා. හිතන්නවත් බැරි විදිහට වෛද්‍ය සහ හෙද කාර්යමණ්ඩලය වෙනස් වෙලා. හරිම හොඳයි. හිතා ගන්න බැහැ. හැබැයි සුළු කාර්යමණ්ඩලයේ ගණන් බලලම එපා වුණා. ස්කෑන් එකට රෝද පුටුවේ ගෙනියන්න කැමති නැහැ. එක්ස් රේ එක ගන්න එකපාරටම කෑ ගහල එන්න කියල ඇටෙන්ඩන්ට් සද්දේ දාලා ගියා. දෙයියනේ වෝර්ඩ් එකේ ඉන්නේ මොක්කුද කියලාවත් ඒ අයට ගානක් නැහැ. 100m දුවනවා වගේ ඇටෙන්ඩන්ට් යනවා. අපි බඩවල් අල්ලාගෙන අමාරුවෙන් පාර හොයාගෙන එයා පස්සේ දුවනවා. ටිකට් කැපුවේ උදේ 10.00ට ටිකට් එක අත්සන් කරන්න යවන්න ඇටෙන්ඩන්ට් කෙනෙක් නැහැ කියලා හොස්පිටල් එකෙන් එළියට එද්දී 2.45 යි. මම බැරිම තැන ඇහුවා මම ගිහින් අත්සන් කරගෙන එන්නද කියලා. රජයේ ලියකියවිලි අපේ අතට දෙන්න බැහැ කිව්වා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 781 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 912 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 377 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site