(සුජිත් හේවාජුලිගේ )
කුරුණෑගල මහ නගර සභාව කොම්පෝස්ට් පොහොර ඇසිරීම සඳහා යැයි පවසා කිසිදු අවශ්‍යතාවයකින් තොරව ව්‍යාජ ආයතනයකින් පොලිසැක් මළු තොගයක් මිලදී ගෙන සිදුකර ඇතැයි කියන රුපියල් කෝටියකට ආසන්න මූල්‍යමය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා ) විමර්ශනයක් අරඹා ඇත.
මෙය කූට ලේඛන සකස් කර සිදුකළ මූල්‍ය අක්‍රමිකතාවක් බව විගණන දෙපාර්තමේන්තුව ලබාගෙන ඇති සාක්ෂි අනුව නිරික්ෂණය වන්නේ යැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
විගණන දෙපාර්තමේන්තුව පසුගිය 1 වැනිදා ගබඩාව පරික්ෂා කර ඇති අවස්ථාවේදී එහි තිබී ඇත්තේ පොලිසැක් මළු 15,350ක් පමණකි. එම මළු 70,350 ක පමණ හිඟයක් පැවතුණු බවද කෝපා වාර්තාවක සඳහන්වේ.
මිල ගණන් ඉදිරිපත් කර ඇති ආකෘති පත්‍රවල දිනයන් වෙනස් කර ඇතැයිද කමිටුව පවසයි. මෙම පොලිසැක් කවර මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශයට අනුකූලව ලංසු සුරක්ෂණ සහ කාර්යසාධන සුරක්ෂණ ලබාගෙන ගිවිසුම්වලට එළැඹ නොතිබූ බවද කෝපා කමිටු විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.
මේ සම්බන්ධයෙන් මාසයක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පළාත් පාලන පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ පළාත් ප්‍රධාන ලේකම් වරයාට නියෝග කර ඇත.
COMMENTS
කසිප්පු කාරයින්ගේ පූර්ණ අනුග්‍රහය ඇතිව මගුල් මණ්ඩපේ කැඩුවා.. ඒ ගැන කතාවක් නෑ. මේවා මොනවාද?
කසිප්පු පෙරුවට ජොන්ස්ටන් එහෙම ඔව්වාට සම්බන්ධ නැහැ.
ඕවා එළිකලැයි කියලා මෙච්චර කාලෙකට මොකද්ද වුනේ..? නිකං අපේ සල්ලි නාස්ති නොකර තමන්ගේ වැඩක් බලා ගත්තා නම් නරකද?
එතනෝල් අරක්කු ඇමැති ඉන්න කල්, මේ පුරපතිගේ එක් කෙස්ගහක්වත් අල්ලන්න බැහැලු. ඉතින් එක රට, එක නීතියලු...
හා.. හා.. මේ තරුපතිට අත තිබ්බොත් බලාගෙනයි, දැනි කී පාරක් කිව්ව ද? මේ කාරක සභාවල ඉන්නැවුන්ට ඇස් කන් නැද්ද?
පුරපතියා මොනවා කළත් තෑබෑරුම් ලොක්කාට හොඳයිනේ.. එකාට එකා හොර දූෂිතයින්...