IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


’ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවා’

(නාලක සංජීව දහනායක)

ශ්‍රී ලංකාවේ  ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දක්‍ෂතාවයන් ඔප් නැංවීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු ක‍්‍රීඩා විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
 
කොළඹ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
 
පාසල් මට්ටමින් මෙන්ම ප‍්‍රාදේශීය මට්ටමින්ද දක්‍ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ දක්‍ෂතාවයන් වැඩිදියුණු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමේ අරමුණින් මෙම විශ්ව විද්‍යාලය ආරම්භ කරන බවද  අග‍්‍රාමාත්‍යවරයා කීය.
 
බියගම මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනය අවට තිබෙන භූමියේ එම විශ්ව විද්‍යාලය සෑදීම සඳහා අවධානය යොමුව තිබෙන බවද ඔහු කීය.



අදහස් (4)

’ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවා’

කපුරුහාමි Thursday, 16 January 2020 11:55 AM

හොඳ අදහසක්. ආසියාවේ ආශ්චර්යය කරනවා කියලා කියපු දේවලුත් අපිට අමතක නැහැ.

:       0       4

Mahee Thursday, 16 January 2020 01:43 PM

මම කැමතියි පාපන්දු, වොලිබෝල් සහ ක්‍රිකට් උගන්වන ක්‍රීඩා විශ්ව විද්‍යාලයකට... එයිනුත් මුල් දෙකට. ඒ දෙකේ තමයි බෝලෙ පාස් කරන හැටි හොඳින් පුහුණු කරවන්නේ. පලවෙනි බැච් එකට 225 දෙනයි රජයේ උසස් නිලධාරි ටිකයි යවන්න පුළුවන් නම් ප්‍රයෝජනවත්... ඒ මොකද දැනට ඒ වැඩේ හරියට කරගන්න බැරුව ඒ කට්ටිය අනාගන්න එකේ ඉවරයක් නැති හින්දා...

:       0       2

Chsthuti Thursday, 16 January 2020 01:49 PM

රගර් ගහන අයද අයිඩියා එක දුන්නේ? සත්තුන්ගේ නිජබිමේදී අපේ අයියලා හදන දේවල් තාවකාලිකයි. ඒකට සුද්දා හදපු දේවල් ඉතිහාස ගතවෙලා තියෙන්නේ. කෑලි හැලෙන්නෙත් නැහැ. අදටත් ශක්තිමත්... ඒකට අපේ අයියලා හදන දේවල් පැරදිලා යන්න කලින් පතුරු ගැලවිලා වැස්සට හේදෙනවා... ඇයි දන්නවද? බොරු සාස්තර කාරයින්ගෙන් නෙමේ නැකත් හදලා වැඩ ගත්තේ මොලේ පාවිච්චි කරලා අපිට වරදින්නේ එ්ක නැති නිසා...

:       0       1

සත්‍යපාල Thursday, 16 January 2020 03:35 PM

තුන්වෙනි පාරට ජනාධිපතිකමට ඉල්ලුවෙත් අපේ රටේ අනාගතයේ දරුවන් ගැන හිතලනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site