IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


කී‍්‍රඩා පුහුණුකරුවන් බඳවා ගන්න රජය ගෙන ඇති තීරණයට ලංකා ගුරු සංගමයේ විරෝධය

(නිමල කොඩිතුවක්කු)

කී‍්‍රඩා පුහුණුකරුවන් 3850 ක් බඳවා ගැනීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කරන බවත් වහාම මෙම කැබිනට් තීරණය අහෝසි කොට පාසල්වලට කී‍්‍රඩා පුහුණුකරුවන් බඳවා ගැනීම අත්හිටුවීමට පියවර ගන්නා ලෙසත් ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

මෙය හුදු දේශපාලන උවමනා මත රැකියා ලාබදීමක් බවත් පාසල් පද්ධතියට අවශ්‍ය කී‍්‍රඩා හා ශාරීරික අධ්‍යාපන ගුරුවරු විධිමත්ව බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

මෙවැනි තනතුරක් රජයේ පාසල් පද්ධතිය තුළ නොමැති බවත්, මෙම පත්වීම් මගින් ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය වීමත්, සුදුසුකම් රහිත පිරිසක් පාසල් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධවීමක් සිදු වන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මෙසේ සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පාසල්වලට කී‍්‍රඩා පුහුණුකරුවන් බඳවා ගැනීමට අවශ්‍ය තෝරා ගැනීම් සිදු කළ ද පළාත් සභා පාසල්වලට බඳවා ගැනීමට යොමු කළ මෙම කී‍්‍රඩා පුහුණු පත්වීම්ධාරීන් පළාත් සභාවලට බඳවා ගැනීම ඒ ඒ පළාත් සභා විසින් ප‍්‍රතික්ෂේප කිරීම මත මෙම බඳවා ගැනීම් නතර වී ඇති බවද ඔහු සඳහන් කරයි.

එසේ තිබියදී නැවතත් පසුගියදා (07)  පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මෙම කී‍්‍රඩා පුහුණුකරුවන් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබීම බරපතල ගැටලූවක් බවද ස්ටාලින් මහතා පෙන්වා දෙයි.

පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලියට අදාළ ගුරුවරු බඳවා ගැනීම සිදු කළ යුත්තේ 2014.10.23 දිනැති 1885/38 දරණ ගැසට් නිවේදනයෙන් ප‍්‍රකාශිත ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව පෙන්වා දෙන ඒ මහතා පාසල්වල කී‍්‍රඩා කටයුතු සම්බන්ධයෙන් බඳවා ගත යුත්තේ කී‍්‍රඩා හා ශාරීරික අධ්‍යාපන විෂය ඉගැන්වීම් කරන ගුරුවරුන් බවද සඳහන් කරයි.



අදහස් (14)

කී‍්‍රඩා පුහුණුකරුවන් බඳවා ගන්න රජය ගෙන ඇති තීරණයට ලංකා ගුරු සංගමයේ විරෝධය

නුමා Wednesday, 09 January 2019 11:21 PM

මගේ නෝනත් ගුරු පත්වීමක් ගත්ත එකේ, ස්ටාලින් මහත්මයා කියන්නෙ කොහොමද ගුරුවරුන් වෙන්නේ සුදුසුකම් තියෙන අයමයි කියලා?

:       0       2

ajith Thursday, 10 January 2019 02:54 AM

අහිංසක කරනවැමියා දුටුවහම එළුවාත් නිකට පනවා කිව්වා වගේ ඇමති මණ්ඩල තීරණ ක්‍රියාත්මක කරන්න ගියහමත් මෙගොල්ලන්ගේනුත් අවසර ගන්න වෙලා. රජයට උවමනා ක්‍රීඩාව දියුණු කරන්න වගේම, තරුණ තරුණියන්ට රැකියා දෙන්න. මේ බඳවාගන්න යන්නේ ගුරුවරුන් නොවෙයි. ඔය කියන පටිපාටි ඕනේ වෙන්නේ ගුරුවරුන් බඳවා ගන්නයි.

:       8       93

ධනුෂ්කThursday, 10 January 2019 02:22 PM

අපේ පැත්තෙත් කීප දෙනෙක් ඉන්නවා... ඔවුනුත් මේකට යන්න ඉන්නේ කියනවා. හැබැයි සමහරු පාසල් කාලේ පිට්ටනියකට බැහැලා අතපය හොලවපු අයවත් නෙමේ. මොන සුදුසුකමකට කොහොම ගියාද දන්නේ නෑ. එතනින් කෙනක් උපාධිදාරියකුට සමච්චල් කරනවා කැම්පස් අවුට් වෙලා අවුරුදු පහක් ගියත් ජොබ් එකක් නෑලු. හැබැයි අැය. මොකවත් නොකර පාසලෙන් අවුට් වෙලා අවුරුද්දලු හිටියේ ජෝබ් එකකුත් හම්බවුණාලු...

:       0       0

lenin Thursday, 10 January 2019 03:21 AM

ඔබ හරි. අපි සටන් කරමු

:       23       3

Krishantha Thursday, 10 January 2019 03:44 AM

කතාව ඇත්ත ඕකෙන් වෙන්නේ දේශපාලුවන්ගේ හෙන්චයියෝ පාසල් ඇතුලට රිංගලා ඒවායේ විනයත් පිරිහෙන එක. අපි නොදන්නවාද දේශපාලන උත්තමයන්ලගේ කෙරුවාව. රජයේ ආයතන පිරිලා තියෙන්නේ එයාලගේ හිතවතුන්ගෙන්

:       29       64

aruna Thursday, 10 January 2019 05:30 AM

මේ අය දන්නේ ඕන එකකට විරුද්ධ වෙන්න විතරනේ මේ වෙනකොට මොන පාසලේද පුහුණුකරුවන් ඉන්නේ කුලියට ගන්න පුහුණුකරෝවෝ හැම පාසලේම ඉන්නේ.

:       3       41

මල්ලී Thursday, 10 January 2019 05:51 AM

දැනට ලංකාවේ සුදුසුකම් තියෙන කී‍්‍රඩා හා ශාරීරික අධ්‍යාපන විෂය ඉගැන්වීම් කරන ගුරුවරුන් ඇතිද මේ පුරප්පාඩු ටික පුරවන්ඩ?

:       139       12

sena Thursday, 10 January 2019 06:41 AM

අනේ මන්ද ඇම්බියුලන්ස් එනවාට දොස්තරලා විරුද්ද වෙනවා - ක්‍රීඩා පුහුණු කරුවෝ එනවාට ගුරුවරු විරුද්ද වෙනවා, මේ විදිහට හැම වෘත්තිකයෝම තම තමන්ගේ වැඩ වසම් පුහුමානයම රකින්න ගියාම අපි කවද්ද නැගිටින්නේ?

:       3       267

sarathThursday, 10 January 2019 09:33 AM

කරන්න ඕන ක්‍රමේ ගැසට් කරලා තියෙනවානේ. ගුරු සංගමේ කියන්නේ ඒ අනුව ක්‍රියා කරන්න කියලා. මේකත් හරියට අර ජනසවි ගුරුවරු බඳවා ගත්තා වගේ උනොත් ???

:       0       0

nimal Thursday, 10 January 2019 07:19 AM

ඉස්කෝලේ ඇරුණු වෙලේ ඉඳන් අතිරේක පන්තිවලට දරුවන් ගාටන සවස නොවේ රෑ10 විතර වෙනකන් ඒවායේ ඉන්න අපේ ළමයින් ගැන... ?

:       0       0

himal Thursday, 10 January 2019 08:44 AM

මේ වෙනකොට ලංකාවේ පාසැල් ගණනාවකම ක්‍රීඩා භාරව මොන ආචාර්යවරු හිටියත් ළමයින්ගෙන් හෝ වෙනත් ලෙසකින් ලබා ගන්නා මුදලකින් බාහිර පුහුණුකරුවන්ව ක්‍රීඩා පුහුණුව සඳහා ගන්නවා. මේ විදිහට ක්‍රීඩාව උගන්වන්න දන්නා පුහුණුකරුවන්ව පාසැල් පද්ධතියට ගන්නවා නම් ක්‍රීඩාව දියුණු වෙනවා වගේම ඒකට දෙමව්පියන්ගෙන් සල්ලි ගන්න එකත් නවතිනවා.

:       0       14

Sumith Thursday, 10 January 2019 02:22 PM

දැන් දේශපාලකයෝ ඒ අයගේ ගෝලයින්ට පවුල් පිටින් ජොබ් දෙනවා. අහිංසකයෝ ඉගෙනගෙන විභාග පාස්කරලා ඉල්ලුම්පත් දාලා උඩබලන් ඉන්නවා.

:       0       0

Sunil Thursday, 10 January 2019 03:23 PM

මේ සංගමය, දොස්තර සංගමය අර දවස් 51දී කොහෙද හිටියේ? දැන් ආයෙමත් හැමදාම නිවේදන නිකුත් කරන්නේ...

:       0       0

Umesha hnasani Wednesday, 01 February 2023 11:29 PM

කොහොමද ඇප්ලයි කරන්නේ .මාත් ආසයි ක්‍රීඩා ගුරුවරයෙක් වෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1224 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1200 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site