IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ක්‍රිකට් ලොක්කාගේ පෙත්සම ජනවාරි 22 ට කල්යයි


 
 
 
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
 
ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා එහි හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් බාර දී ඇති නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා  ගොනු  කර ඇති පෙත්සම සලකා බැලීම ලබන ජනවාරි මස 22 වැනි දා  දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කරන ලදී.
 
එම පෙත්සම අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අද (03) කැඳවනු ලැබූවත් වෙනත් නඩු රාශියක් විභාගයට ගැනීමට නියමිතව ඇති බැවින් මෙම පෙත්සම සළකා බැලීම මෙදිනට කල් තැබිණි.
 
නිශාන්ත රණතුංග මහතා සිය පෙත්සමින් පෙන්වා දෙන්නේ  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ තිලංග සුමතිපාල මහතාට එම ධුරය සඳහා නාමයෝජනා බාරදීම සඳහා සුදුසුකම් නොමැති බවයි.


එසේ තිබියදී ඔහුගේ නාමයෝජනා පත්‍රය ක්‍රිකට් නිලවරණ කමිටු විසින් බාරගෙන ඇති බවත් එය නීතිවිරෝධී යැයි පෙන්වා දෙන පෙත්සම්කරු එබැවින් එය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.



අදහස් (1)

ක්‍රිකට් ලොක්කාගේ පෙත්සම ජනවාරි 22 ට කල්යයි

Don Monday, 03 December 2018 03:03 PM

අයිසීසී එක ලෝකයේ හැම රටකම ඉන්න බුකි, රේස්, ඔට්ටු කාරයෝ කිසිම ක්‍රිකට් තනතුරකට පත්කිරීම තහනම් කරලා !!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site