IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කාබුල්නුවර සිටින ලාංකිකයන් යළි මෙරටට

( තිළිණි ද සිල්වා )

යුද ගැටුම් පවතින ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර රැදී සිටින සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

මේවන විට ශ්‍රී ලාංකිකයන් 43 දෙනකු කාබුල් නුවර එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන හා තානාපති කාර්යාලවල සේවය කරන බවට ලියාපදිංචි වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ඔවුන්ගෙන් වැඩි දෙනකු දිවයිනට පැමිණිම සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කරගෙන ඇති බව අදාළ නිලධාරියා සඳහන් කළේ ය.

ඔවුන් එරට පවතින ගුවන් පහසුකම්වලට අනුව, ඔවුන් දිවයිනට පැමිණෙනු ඇතැයිද එම අමාත්‍යාංශ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

වසර 20 කට අධික කාලයක් පුරා ඇෆ්ගනිස්ථානයේ යුද මෙහෙයුම් ක්‍රියාත්මක කළ ඇමෙරිකානු හමුදාව ප්‍රමුඛ බටහිර හමුදා එරටින් ඉවත් වීමත් සමග තලේබාන් සටන්කාමීන් එරට බලය අත්පත් කරගැනීම සඳහා පසුගිය දින කිහිපයේදී ප්‍රහාර දැඩි කළේ ය.

ඒ අනුව තලෙබාන් සටන්කාමීන්  කාබුල් අගනුවරට ඇතුළු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.මේ වනවිටත් එරට සෙසු ප්‍රධාන නගර රැසක බලය තලෙබාන් සටන්කාමීන් අත්පත්කරගෙන සිටිති.

පවතින තත්ත්වය හමුවේ, කාබුල් නුවර සිටින විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ආරක්ෂිතව ඉවත් කරගැනීම සඳහා ඇමෙරිකාව හමුදා භට පිරිස් ඇෆ්ගනිස්ථානය වෙත යවා තිබේ.

 



අදහස් (4)

කාබුල්නුවර සිටින ලාංකිකයන් යළි මෙරටට

Kularatne Sunday, 15 August 2021 08:59 PM

ඒ ගොල්ලන්ම ටිකට් අරගෙන ප්ලේන් තියෙන විදියට ලංකාවට එනවා නම් මොකක්ද අමාත්‍යාංශයේ විශේෂ වැඩ පිළිවෙල..?

:       178       16

RathnayakaMonday, 16 August 2021 07:01 AM

කාබුල් ගුවන් තො‍ටුපලත් උන් යටතේ තියෙන්නේ දැන්. පොඩ්ඩක් ලෝකෙ වෙන දේවලුත් හොයල බලපන්.

:       0       25

GimhanMonday, 16 August 2021 07:11 AM

මේ ලංකාදීප පත්තරේම මුල් පි‍ටුවේ, සයුරින් එතෙර කියල කොටසක් තියෙනවා. ඒක පොඩ්ඩක් කියවල බලනවා. ඇෆ්ගනිස්ථානේ සම්පූර්ණයෙන්ම තලේබාල් පාලනයට ඇවිත් තියෙන්නේ. ටිකට් අරන් එනවලු. මෙහෙම උන් නේ ලංකාවේ චන්දේ දාන්නේ දෙයියනේ..

:       0       44

Don Monday, 16 August 2021 09:31 AM

මොකක්ද දැන් ඔය කියන විදේශ වැඩ පිළිවෙළ? ගුවන් ටිකට්පත් අරන් තියෙන්නේ ඒගොල්ලෝ නම්, ලංකාවට එන්නේ ගුවන් යානා තියෙන විදිහට නම්... ආපුවාම ගුවන් තොටුපළේදී මල්මාලා දාලා උත්සවයක් ගන්න එකද විශේෂ වැඩ පිළිවෙළ...?

:       37       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 259 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site