(විනීතා එම් ගමගේ)
අර්ථසාධක අරමුදලේ සාමාජික සාමාජිකාවන් වෙත එහි ශේෂයෙන් සියයට විස්සක් මුදා හැරීමට අග‍්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඞ් කබ්රාල් මහතා කර ඇති යෝජනාව අර්ථසාධක අරමුදල කොල්ල කෑමට ගෙන එන යෝජනාවක් බැවින් එයට දැඩි විරෝධය පළ කරන බව වෘත්තිය සමිති පවසති.
අද රැකියා කරන හෙට දවසේ වයෝවෘද්ධ භාවයට පත්වන ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උදුරාගැනීමක් ලෙස මෙම යෝජනාව දැකිය හැකි බව ද වෘත්තිය සමිති පෙන්වා දෙති.
මෙසේ ජනතාවගේ මුදල් මංකොල්ල කන්නට උත්සාහ නොකර ධන කුවේරයන් විසින් වසර ගණනාවක් තිස්සේ මංකොල්ල කෑ සුවිශේෂ ලාභයෙන් කොටසක් මෙම මොහොතේ මුදාහරින ලෙස මෙරට ධන කුවේරයන්ට බල කරන ලෙස ද වෘත්තිය සමිති රජයට යෝජනා කරති.
ජනතාවට සහන සලසන්නට ආණ්ඩුවට මුදල් නැති බැවින් මෙසේ ජනතා මුදල් ජනතාව අතට පත් කරන්නට කටයුතු කරමින් සිටින බවත් එයට විරෝධය පළ කරන බවත් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
මේ සම්බන්ධව අදහස් දක්වමින් කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා කියා සිටියේ එම යෝජනාව පවතින ආර්ථික අර්බුදයට අර්ථසාධක අරමුදල බිලි දීමේ යෝජනාවක් වන බවය.
මෙම අරමුදලේ මුදල් අයත් වන්නේ එහි ගිණුම් හිමියන්ට බවත් එය කබ්රාල් මහතාගේ පෞද්ගලික ගිණුමක් නොවන බවත් හෙතෙම ප‍්‍රකාශ කළේය.
මෙම යෝජනාව කිසිසේත්ම ක‍්‍රියාත්මක කරන්නට ඉඩ නොතබන බව ද ඔහු කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත තමයි එහෙම කොහොමද කාටවත් ඕනේ විදිහට සේවකයන්ට අයිති අර්ථසාධක අරමුදල් මුදා හරින්නේ? මේක ආණ්ඩුව මහදවල් කරන්න හදන පෞද්ගලික මුදල් මංකොල්ලකෑමක්. කොරෝනා වෙනුවෙන් වියදම් කරන්න ඕනේ මේ මුදල් නෙමෙයි, රජයට ලැබෙන පරිත්‍යාග. ජනාධිපතිතුමා කොරෝන අරමුදලක් හදල ඒකට දුන්නා මුලින්ම රුපියල් මිලියන් 100ක් ජනාධිපති අරමුදලෙන්. ඒ කියන්නේ මහජන මුදල්. ඊට වඩා හොඳයි ජනාධිපති, අගැමති, ඇමති මණ්ඩලය තමන්ගේ වැටුප, දවසක හරි වැටුප, පරිත්‍යාග කළා නම් රජයේ මුදල් "පරිත්‍යාග" නොකර. පන්සල් වලින් ආධාර දීල තියෙනව හොඳටම මදි. කෝ අනිත් ලොකු පන්සල්? දඹුල්ලේ පන්සල කෝ? එතකොට දේවාල? කතරගම දේවාලේ මේ අරමුදලට පරිත්‍යාගයක් නොකළේ මොකොද? දෙවියෝ දේවාල වලින් අයින්වෙලා හුඟක් කල්. මිනිස්සු ඉල්ලුවොත් විතරයි ආයේ වඩින්නේ. ඒ හින්ද දෙවියන්ගේ නමින් ලැබුණු මුදල් වලින් කොටසක් දැන් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරන්න. ඊළඟට ප්‍රාදේශීය සභා සල්ලි දීල තියෙනවා. කාගේ සල්ලිද? ජනතාවගේ සල්ලි. මේක මහා විකාරයක්. ජනතාවගේ සල්ලි වලින්ම ජනතාවට කන්න නොදී ඒ වෙනුවෙන් ලැබුණු පරිත්‍යාග පාවිච්චි කරන්න. ලංකාවේ ලොකුම සල්ලිකාරයෝ අතරින් පළවෙනිය විතරයිද කොහෙද මුකුත් හරි දුන්නේ.
දුමින්ද නාගමුව කියන නම ඇහෙද්දිත් හිනායනවා...
සියලු දෙනා සදහටම වෛර කරාවි ....
මේ මුදල් නිකුත් කරන්නේ කබ්රාල්ගේ නැන්දලාට, මාමලාට නොව අරමුදලේ සාමාජිකයන්ට... මිනිස්සුන්ට අවශ්‍ය නැතිනම් නොගෙන ඉන්ට පුළුවන්.
කබරාල් කියන්නේ මරු කතාවක් , අපේම සල්ලි අපට කොරෝන ආධාර වශයෙන් දීල අපේ විශ්‍රාම පරිතොසිකයෙන් කපාගන්නලු..., රාලේ ඔයකතා කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියපන්, ඔක්කොම සහන ලොකු මුදලාලිලාට වැට් අඩුකලා.... ඒවත් මුදලාලිගේ සාක්කුවේ සහනය අපට දුන්නේ නැහැ , අපට සහන මිලට දෙනවා කියපු පරිප්පු , සැමන් ඒවත් මුදලාලිලා අපට දුන්නේ නැහැ , කොරෝන ප්‍රශ්නේ නිසා මුදලාලිලා ගත්ත නය වාරික සහ පොලි මාස 6 කට ගෙවන්න ඕනේ නැහැ . මුදලාලිලාට අලුතෙන් 4% පොලියට නය දෙනවා , එකටත් නය වාරික සහ පොලී මාස 6 කට ගෙවන්න ඕනේ නැහැ , මුදලාලිලා ගත්ත ත්‍රිවිල් ලොරිවලට ෆිනෑන්ස් නය වාරික ගෙවන්න අවශ්‍ය නැහැ . මෝටර් බිසිකලයක්වත් නැති අපට මොකක්ද දීල තිබෙන සහනය? රාලේ මේකත් ඔලුවේ තබාගන්න..., ඔය මුදලාලි පැලැන්තියට ඒක චන්දයක් තිබෙන කොට සේවක අපට චන්ද 20-30 තිබෙනවා , චන්දෙදි කලගුණ සලකන්න අපිත් දන්නවා .
අපි මහන්සි වෙලා හම්බ කරපු මුදල් ටිකත් නැති කරන්න හදන්නේ කොරෝනා අස්සේ...
අපේ සල්ලි වලින් සෙල්ලම් කරලා වයසට ගියාම අපි හිඟමනට පත් කරන්න එපා කබරල් මහත්තයෝ. අපි EAP Golden Key වගේ ඒවායේ නොදා අමාරුවෙන් වැඩ කර හම්බ කරපුව. ඉල්ලන අයට ඕනනම් ණයක් දෙන්න. 20% සල්ලි දෙන්න එපා....
කැමති අයට ගන්න අවස්ථාව දෙන්න. මේ වෙලාවේ කවුරුත් අමාරුවෙන් ජීවත් වෙන්නේ.
ඔවුන් හරි. මේ හොර දේශපාලුවන්ට කෝකටත් තයිලය වගේ තියෙන්නේ මේ අර්ථ සාධක අරමුදල. මොවුන් ඒ කාලේ මේ අරමුදලෙන් සැහෙන දුෂණ කරලා තියෙන්නේ. ඒ රස දන්නා නිසා තමයි ආයෙත් හොරා කන්න යන්නේ. මේ සල්ලි මහාජනයාගේ දහදියෙන් හම්බ කරපුවා.
ලෝක හොර වැඩක්.... වෙන උන් නෙතුවට?
මෙයා හදන්නේ රොටිය පුච්චගන්න. කලින් වතාවේ උද්ඝෝෂණ නිසා මරුනේ එක්කෙනය් හැබය් EPF එකට කෙලින්න ගියොත් කොරෝන මිනිස්සුන්ට අමතක වෙයි... මරු ආර්ථික උපදේශකයෝ මහින්ද මහත්තයට වැඩ වැරදුණෙත් මේ වගේ මිනිස්සු නිසා තමයි...
විරුද්ධ වෙලා ශ‍්‍රියානි බණ්ඩාරනායකට වෙච්චි දේ දන්නවද?
මෙයට (EPF එකට) දායකතවයක් නොදැක්වූ කිසිවෙකුට එම අරමුදල අවභාවිතා කිරීමට හෝ මෙම යෝජනාවට පක්ෂව කතාකිරීමට අයිතියක් නැත. හරට පිරුනුපසු අපි මහමගට ඇද දමනු එපා. අපට පෙන්ශන් නැත. ඇත්තේ මෙපමණකි.
මේ අවස්ථාවේදී මට මගේ EPF එකෙන් 20% ගන්න පුළුවනි නම් එකේ වැරැද්ද මොකක්ද?
ඔය වෘත්තිය සමිතිත් මහජනතාවත් අවධාරනය කර ගත යුතු කරුණු ගොඩක් තියෙනවා. වත්මන් තත්ත්වය යටතේ ලෝකයේ ම ආර්ථිකය කඩා වැටිලා. මේකේ ආදීනව දැන්ම දැනෙන්නේ නැහැ. මැයි-ජුනි-ජුලි වෙන කොට ටික ටික මතු වෙනවා. ඒකට දැන්ම ඉදන්ම සූදානම් වුනේ නැත්නම් සියලු දෙනාටම හාමතේ ඉන්න සිදුවේවි. එතකොටත් ආණ්ඩුවලට බැනල වැඩක් නැහැ. මේක තේරුම් ගන්න කී දෙනෙකුට පුලුවන් වේවිද දන්නේ නැහැ. මොකද- කොරෝනාව මේ තරම් අවදානම් කියලත් තේරුම් අරගෙන තියෙන්නේ කී දෙනෙක්ද? මේ කාරනාවත් එහෙමයි.
මේක වෙන රට වලත් කරනවා මේ වෙලාවේ .ඔකේ ඇති දේශපාලන වාසියක් නෑ .
ගොටභය මහත්මය ඔබතුමා රටේ ඉන්න අවංක බුධිමත් නිලධාරීන්ගෙන් සැදී රජ්‍යසේවයක් සහ වියත් මගේ මගපෙන්වීම අනුව අවංක බුධිමත් නව පරපුරේ දේශපාලකයන්ගෙන් සැදී ආණ්ඩුවක් හදනවා , මහබැංකු හොරුන්ට දඩුවම් දෙනවා කිව නිසා මිනිස්සු ඔබට ඡන්දෙ දුන්න , දැන් උඩට නගින්න ඉනිමගක් ලෙස භාවිත කල වියත්මගට පයින් ගහලා බිමට දමපු බව පොහොට්ටුවේ නාමයෝජනා ලැයිස්තුව දෙස බලනකොට පෙනෙනවා , එකේ ඉන්නේ පරණ සහෝදර සමගම සහ රටේ සාරය උරාබිපු පරණ ඔළුගෙඩි සෙට් එක.
මෙන්න මෙහෙම කරන්න , පසුගියකාලේ අමතිලට ගමන් බිමන් යන්න ගෙනාපු වාහන කෝටි 4-5 වටිනා වාහන වෙන්දේසි කරන්න.
ගිය වතාවේ ග්‍රීසියේ බැඳුම්කර වල ආයෝජනය කරලා කෝටි ගානක් නැති කරා මෙයා.
මේ දේශපාලකයින්ටයි ඒ අයගේ සහචරයන්ටයි පේන්නේ අපේ අර්ථසාධකය විතරමද? මතක තබා ගතයුත්තේ ඔය අපි පරිස්සමට තිබ්බ අපේ සල්ලි ඈලියාවට අරින්න එපා. කබ්රාල් මහතාගේ උපක්‍රම ගියවර මහින්ද මහත්තය ගෙදර යන්නත් දායක උනා කියනවා නේද ?
මේ ගොනා දන්නා ආර්ථික විද්‍යාව. අත තියන්න දෙන්න එපා අර්ථසාධක අරමුදලට. හොර කාලකන්නින්ට.
කබ්රාල් ගේ කියමනට පක්ෂව දමන අදහස් පල වෙන්නේ නැත. මේ පත්තරය කබ්රාල් විරෝදී වගේ .
වැඩිය නෙමෙයි, අවුරුදු පහළොවක් ඇතුළත දේශපාලුවන් කොල්ල කාපු සල්ලි වලින් සියයට විස්සක් බැලුවොත් අර්ථසාධක අරමුදලට වඩා වැඩියි. රජයට සල්ලි නැත්නම් පක්ෂ විපක්ෂ සියළු දේශපාලුවන්ගේ පෞද්ගලික වත්කමින් සියයට විස්සක් රාජසන්තක කරනු. ජීවිත කාලයක් වැඩ කරලා අසරණ මිනිස්සුන්ට අවසානයේ ඉතුරු ඔච්චරයි සැප විඳින්න නොවේ මැරෙන තුරු ජීවත් වෙන්න පමණයි .