(දෙනගම  යසන්ත ආරියසේන)

කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේදි කැබ්රියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටිමෙන් තිදරු මවක මියගොස් තවත් තිදෙනකු බරපතල තුවාල ලබා රොහල් ගතකර ඇතැයි තිහගොඩ පොලිසිය පවසයි.

කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු මවක වන කේ.ආර් අමරාවතී යන අය මෙසේ මියගොස් ඇති අතර ඇයගේ දියණියක් වන විසි හතර හැවිරිදි පස් මස් ගැබිණියක බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

තුවාල කරුවන් අතර සිටින යතරු පැදි කරුවකු මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සහ කැබ් රථයේ රියදුරු  මාතර පුද්ගලික රෝහලකට ඇතුලත් ඇත.

මියගිය කාන්තාවගේ නිවස ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ යතුරු පැදියක් පෙරලී අනතුරක් සිදුව ඇති අතර යතුරු පැදිය එසවිම සදහා කාන්තාව උදව්කර නිවසේ ගේට්ටුව අසලට පැමිණ තම දියනිය සමග ඉන්නා විටදි වේගයෙන් පැමිණි කැබිරථය දෙදෙනාගේ ගැටි ඉදිරියට ඇදිගොස්  තාප්පයක ගැටි නතර වු බව ප්‍රදේශවාසීහු පවසති.