IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කාබන් බද්ද වාහනවල එන්ජින් ධාරිතාවය මත

(රංජන් කස්තුරි)

මේ වසරේ ජනවාරි මස 01 වැනිදා සිට වාහන සඳහා අලුතින් අයකරන කාබන් බද්ද වාහන වල එන්ජින් ධාරිතාවය පදනම් කරගෙන වර්ගීකරණ තුනක් යටතේ අය කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
 
ඒ අනුව එන්ජින් ධාරිතාව 125 යතුරු පැදියක් සඳහා වාර්ශිකව අයකරන බදු මුදල රුපියල් 62.50 ක් වන අතර එන්ජින් ධාරිතාව 1000 ක මෝටර් රථයක් සඳහා අය කරන වාර්ශික බද්ද රුපියල් 500ක් වන බවද මුදල් හා ජන මාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
 
මීට අමතරව එන්ජින් ධාරිතාව 2600 ජීප් රථයක් සඳහා අය කර කාබන් බදු මුදල වසරකට රුපියල් 1300 වන අතර වසර පහකට වඩා අඩු මගී ප්‍රවාහන බස් රථයකින් අයකරන  කාබන් බදු මුදල රුපියල් 1000ක් බවද එම අමාත්‍යාංශය පවසයි.

වසර 5ත් 10ත් අතර වන මගී ප්‍රවාහන බස්රථයකින් රුපියල් 2000 ක් වසර 10ට වැඩි බස්රථයකින් රුපියල් 3000 ක් වන බවද එම අමාත්‍යාංශය කියයි.



අදහස් (10)

කාබන් බද්ද වාහනවල එන්ජින් ධාරිතාවය මත

L M Thursday, 10 January 2019 11:23 PM

සැබවින් කාබන් බද්ද අය කළ යුත්තෙ භාවිතා කරන ඉන්ධන ප්‍රමාණය හා වර්ගය අනුව. වාහනේ ඇන්ජින් ධාරිතාව මත නොවේ...

:       1       0

gunasena Friday, 11 January 2019 12:00 AM

පරණ වාහනවලින් බද්ද වැඩි කර අැත්තේ මොකද?

:       0       0

චමින්ද Friday, 11 January 2019 01:04 AM

වැඩියෙන්ම දුම් පිටකරන ලංගම බස්වලට දුම් සහතික අවශ්‍ය නැහැ. කාබන් බද්දත් අවශ්‍ය නැද්ද?

:       0       37

ajith Friday, 11 January 2019 01:50 AM

රජය මේ වගේ අසාධාරණ බදු ගහනකම් අපි හැමදාම නිහඬව ඉන්න එක වැරදියි. අපි පත් කරලා යවපු මන්ත්‍රීවරු (පක්ෂ විපක්ෂ) හැමෝම නිහඬයි. වාහන හිමියනි, මෙම බද්ද ඉවත් කරන්න කියා රජයට බල කරමු.

:       0       13

ශාන් Friday, 11 January 2019 02:04 AM

මෙහෙම කිව්වා නම් ඉවරයි නේ 0.50x125=62.50 - යතුරු පැදි 0.50x1000=500.00 - මෝටරථ 0.50x2600=1300.00 - ජීප් රථ

:       0       0

Rohana Friday, 11 January 2019 02:51 AM

වාහනවල තියෙන අනිකුත් අංගෝපාංග වලටත්, ටයර් අසන, වීල් ගියර් ශටර් කණ්ණාඩි රීම් ස්ටියරින්ග් වීල් බදුගහන්න පුළුවන්නේ. හැබැයි අපෙන් ඡන්දෙ ඉල්ලගෙන මේ පළාතේ එන්න එපා...

:       2       14

Amila Friday, 11 January 2019 03:14 AM

අපිට සැප විඳින්න එන්න බදු ගෙවන්න.. මුදල් ඇමති !!! දැන් අර ආදායම් බලපත්‍රයෙන් ගසා කන මුදලින් සහ ග්‍රීන් ටෙස්ට් එකෙන් ගසා කන මුදලින් රටට මොනවද කරලා තියෙන්නේ... මේ තවත් ගසා කෑමක් තමයි. උදාහරණයකට මහරගම බස් නැවතුම්පොලේ වැස්සොත් මිනිස්සු තවමත් තෙමෙනවා‍... ඒවාට තවම විසඳුම් නැත. කොටුවේ බස් නැවතුම්පොලේ වැසිකිලි අන්තිම සවුත්තුයි. සුද්දෙක් ආවොත් වස ලෑජ්ජාවයි.. හැබයි මෙතෙක් කොල්ල කාගත් මුදලින් ලක්ශ 350වාහන නම් ගත්තා. මැතිඇමැති පඩි වැඩිකරගත්තා. ලක්ශ 80 ගනන් වල නගරසභාවේ නගරාධිපතිනියගේ වැසිකිළි හදනවා දැක්කා... ඔන්න ඔහොමයි රටේ කොල්ලාකාගන්න ධනය පවිච්චි කරන්නේ...

:       1       5

H S Gunasekara Friday, 11 January 2019 04:54 AM

බදු ගහනවා නම් දුම් (ECO TEST) පරීක්ෂණය ඕනේ නැත.

:       0       9

P.D.Jayantha Friday, 11 January 2019 09:56 AM

එතකොට දුම් සහතිකය ඕනේ නැතිවෙන්න ඕනෑ. මොකද පරිසරයට වෙන බලපෑමට දෙපාරක් ගෙවන්න ඕනේ නැහැනේ...

:       1       8

මිස්ටර් වල්මෝරුව Friday, 11 January 2019 09:59 AM

මෙයාලට බදුගහන්න බැරි මලබද්ධයට විතරයි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site