IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


‘කැබිනට් රැස්වීම් නොපැවැත්වීම නීතියට පටහැනියි’

(අංජුල මහික වීරරත්න)
 
කැබිනට් මණ්ඩලය විධායකය වෙනුවන් පාර්ලිමේන්තුවට වගකියන බැවින් කැබිනට් රැස්වීම් නොපවත්වා සිටීම නීතියට පටහැනි ක්‍රියාදාමයක් බව සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
 
19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 30(1) (5) යටතේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(1) වගන්තිය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටද, ආරක්ෂා කරන බවටද, සඳහන් වන බැවින් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් බැඳී සිටින බවද සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
 
කැබිනට් රැස්වීම් නොපවත්වා සිටියහොත් ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පිළිතුරු සැපයීමට නොහැකි නිසා පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් පියවරක් ගතයුතුව ඇතැයිද සභානායකවරයා වැඩිදුරටත් කීවේය.
 
සෑම අගහරුවාදා දිනකම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කැබිනට් රැස්වීම අද(11) නොපැවැත්විණි.



අදහස් (13)

‘කැබිනට් රැස්වීම් නොපැවැත්වීම නීතියට පටහැනියි’

Amila Tuesday, 11 June 2019 10:08 AM

ඕක අපිට කියකිය ඉන්නේ... දෝෂාභියෝගයක් ගෙනැල්ලා එලවන්න. වඩු මඩු නිසා මානසික කේස් එකත් ඔප්පුයි නේද?

:       103       313

රවින් Tuesday, 11 June 2019 10:10 AM

දෝෂ දේශයට අභියෝගයක් නේද?

:       36       0

දිමුත් Tuesday, 11 June 2019 10:11 AM

එහෙනං ඉතින් දෝෂාභියෝගයක් ගේන එකනේ ඇත්තේ...

:       223       135

Cisco Tuesday, 11 June 2019 10:46 AM

මේ ද්විපේ මොනවද නීතියට අනුව සිදුවුනේ?

:       0       1

wedage Tuesday, 11 June 2019 10:59 AM

ඕන කෙනෙකුට ඕනෑම කතාවක් කියන්න පුළුවන්

:       0       1

mp Tuesday, 11 June 2019 11:07 AM

ඔහෙලා නීතිගරුක වැඩද කරන්නේ?

:       22       190

Mano Tuesday, 11 June 2019 11:26 AM

රටේ පරිපාලනය අකර්මණ්‍ය වී මහජනතාව අනාරක්ෂිත හා අවිනිශ්චිත තත්වයකට පත් කළ, කිසිවෙකු වගකීමක් බාර නොගන්නා මෙතෙක් පැවැති ඉතාමත් අකාර්යක්ෂම හා නින්දිත පාලනය අද අප අත්විඳිමු...

:       0       171

Raveendra Tuesday, 11 June 2019 11:26 AM

ඔව් ඉතින් "ඕනෑම ගොනෙකුට" ඕනෑම දේකට, නීතියට පටහැනියි කීමටත් අයිතියක් තියෙනවනේ. එ්කත් ඉතින් නරකම නැහැ. කොහොමත් වාචාලයන් වගේ කියවනවනේ... මෙයත් එයට කදිම උදාහරණයක්.

:       13       354

shan Tuesday, 11 June 2019 11:48 AM

ආරක්ෂක මණ්ඩලය රැස් නොකර කර අරිමින් ඉඳලා රට විනාශ කළ අයට කැබිනට් එක මොන කජ්ජක්ද? බැරිද දන්නේ නැහැ ඔය 225දෙනාම හා ජනපතිත් ගෙදර යවලා මොවුන්ට කන්න දෙන මුදල් ඉතුරු කරගන්න.

:       66       11

dilshani fernando Tuesday, 11 June 2019 12:10 PM

පිස්සෙක් ජනාධිපති කරලා මේ ආණ්ඩුව විඳවනවා.. ඔන්න එන්.එම්.පෙරේරා මහත්තයාගේ කතාව ඇත්ත වෙනවා නේද? උගත් මිනිහගේ කතාව අදට, හෙටට, අනාගතයට වලංගුයි.

:       146       1204

Don Tuesday, 11 June 2019 03:19 PM

එයා ආවත්, නාවත් වැඩි වෙනසක් නෑ. නීතියක්, රීතියක් එයාට ඕනෑ නෑ. හෘද සාක්ෂියටලු වැඩකරන්නේ.

:       13       0

තොප්පි ගොනා Wednesday, 12 June 2019 01:30 AM

දැන් මෙයාල කැබිනට් එක රැස්වෙලා අන්තවාදී ප්‍රහාරයට වගකිවයුතු අන්තගාමි සංවිධාන තහනම් කරන්න එක කැබිනට් පේපර් එකක් ගෙනාවද , ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩි දෙන ,මුදල් සපයන ආයතන තහනම් කරන්න ,මොනිටර් කරන්න එක පනතක් ගෙනාවද . ඔය කැබිනට් තිබ්බ ත් එකයි නැතත් එකයි .

:       0       0

aruna Wednesday, 12 June 2019 04:47 AM

තමාගේ පුද්ගලික අබ්මතය පරිදි වැඩ කිරීමට ආණ්ඩු ක්‍රම යේ ප්‍රතිපාදන නොමැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 68 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 168 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1022 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site