(අංජුල මහික වීරරත්න)
කැබිනට් මණ්ඩලය විධායකය වෙනුවන් පාර්ලිමේන්තුවට වගකියන බැවින් කැබිනට් රැස්වීම් නොපවත්වා සිටීම නීතියට පටහැනි ක්‍රියාදාමයක් බව සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 30(1) (5) යටතේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(1) වගන්තිය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටද, ආරක්ෂා කරන බවටද, සඳහන් වන බැවින් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් බැඳී සිටින බවද සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
කැබිනට් රැස්වීම් නොපවත්වා සිටියහොත් ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පිළිතුරු සැපයීමට නොහැකි නිසා පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් පියවරක් ගතයුතුව ඇතැයිද සභානායකවරයා වැඩිදුරටත් කීවේය.
සෑම අගහරුවාදා දිනකම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කැබිනට් රැස්වීම අද(11) නොපැවැත්විණි.
COMMENTS
ඕක අපිට කියකිය ඉන්නේ... දෝෂාභියෝගයක් ගෙනැල්ලා එලවන්න. වඩු මඩු නිසා මානසික කේස් එකත් ඔප්පුයි නේද?
දෝෂ දේශයට අභියෝගයක් නේද?
එහෙනං ඉතින් දෝෂාභියෝගයක් ගේන එකනේ ඇත්තේ...
මේ ද්විපේ මොනවද නීතියට අනුව සිදුවුනේ?
ඕන කෙනෙකුට ඕනෑම කතාවක් කියන්න පුළුවන්
ඔහෙලා නීතිගරුක වැඩද කරන්නේ?
රටේ පරිපාලනය අකර්මණ්‍ය වී මහජනතාව අනාරක්ෂිත හා අවිනිශ්චිත තත්වයකට පත් කළ, කිසිවෙකු වගකීමක් බාර නොගන්නා මෙතෙක් පැවැති ඉතාමත් අකාර්යක්ෂම හා නින්දිත පාලනය අද අප අත්විඳිමු...
ඔව් ඉතින් "ඕනෑම ගොනෙකුට" ඕනෑම දේකට, නීතියට පටහැනියි කීමටත් අයිතියක් තියෙනවනේ. එ්කත් ඉතින් නරකම නැහැ. කොහොමත් වාචාලයන් වගේ කියවනවනේ... මෙයත් එයට කදිම උදාහරණයක්.
ආරක්ෂක මණ්ඩලය රැස් නොකර කර අරිමින් ඉඳලා රට විනාශ කළ අයට කැබිනට් එක මොන කජ්ජක්ද? බැරිද දන්නේ නැහැ ඔය 225දෙනාම හා ජනපතිත් ගෙදර යවලා මොවුන්ට කන්න දෙන මුදල් ඉතුරු කරගන්න.
පිස්සෙක් ජනාධිපති කරලා මේ ආණ්ඩුව විඳවනවා.. ඔන්න එන්.එම්.පෙරේරා මහත්තයාගේ කතාව ඇත්ත වෙනවා නේද? උගත් මිනිහගේ කතාව අදට, හෙටට, අනාගතයට වලංගුයි.
එයා ආවත්, නාවත් වැඩි වෙනසක් නෑ. නීතියක්, රීතියක් එයාට ඕනෑ නෑ. හෘද සාක්ෂියටලු වැඩකරන්නේ.
දැන් මෙයාල කැබිනට් එක රැස්වෙලා අන්තවාදී ප්‍රහාරයට වගකිවයුතු අන්තගාමි සංවිධාන තහනම් කරන්න එක කැබිනට් පේපර් එකක් ගෙනාවද , ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩි දෙන ,මුදල් සපයන ආයතන තහනම් කරන්න ,මොනිටර් කරන්න එක පනතක් ගෙනාවද . ඔය කැබිනට් තිබ්බ ත් එකයි නැතත් එකයි .
තමාගේ පුද්ගලික අබ්මතය පරිදි වැඩ කිරීමට ආණ්ඩු ක්‍රම යේ ප්‍රතිපාදන නොමැත.