(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) රාත්‍රී 7.30ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
ඒ සඳහා සහභාගී වන්නැයි ජනාධිපති කාර්යාලය සියලුම කැබිනට් ඇමැතිවරුන්ට දන්වා ඇති බවද රජයේ ආරංචි මාර්ග කියයි.

COMMENTS
අපට නම් ආරංචි වෙන්නේ ජනාධිපතිතුමා ලබන 13 වෙනිදා සිට 18 වෙනිදා දක්වා තජිකිස්ථානයේ නිල සංචාරයක යෙදෙන බවයි. එම රටේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මේලනයකට සහභාගි වෙන එතුමා එම ගමනේදී රුසියන් ජනාධිපති ව්ලැඩිමියර් පූටින් මහතා මුණගැසීමටද නියමිත බවයි දැනගන්නට ඇත්තේ... එහිදී ජනාධිපතිවරයා පුටින් මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කිරීමටද බලාපොරොත්තු වෙනවලු. පුටින් වැනි ප්‍රබල නායකයෙකු මැතිවරණයට පෙර ලංකාවේ සංචාරයක් සඳහා සහභාගි කරවා ගැනීමට හැකිවුවහොත් අපේ ජනාධිපතිවරයාගේ "රේටින්ග්ස්" නහුතෙටම ඉහළ යන බව තමයි එතුමා වටේ රැකවල්ලාගෙන ඉන්නා උපදේශක උතුමන්ලා කියන්නේ... සමහරවිට හදිසි කැබිනට් රැස්වීම ඒගැන කතා කරගන්න කන්දෙව්වද කියල කවුද දන්නේ?
රෑට රෑට තියන්නේ මොකද? අමුතු වර්ගයේ රැස්වීමක්ද? බොන්ඩ දෙන්නේ මොනවද?
පුටින් තියා සක්කරයගේ මල්ලි වයිමා ආවත් ජනාධිපතිතුමා කෙරෙහි තියෙන කලකිරීම ජනතාවගේ ඔලුවෙන් අයින් කරන්න පුලුවන් වෙන එකක් නැහැ...
ජනාධිපතිවරණය කැඳවයිද?
අටුව කඩලා පුටුව සෑදීමට වෙන්න ඇති
ඉස්සර කාලෙදිත් ඔහොම රෑට බිත්තර ආප්ප කාලා, කෝපි බීලා ගහපු විදියේ කුමන්ත්‍රණයක් වගේ එකක් කරන්නද අර අඳින්නේ මේ ලොක්කා?
ඔය එන්න කියලා තිබෙන්නේ අපේ රට දැනට තිබෙන ලොකුම ප්‍රශ්නය වන වඩුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ වඩු මඩු සීල් තියන්න.. දම්වැල්, කියත් අල්ලලා රාජසන්තක කරන්න අවශ්‍ය නීති සම්මත කරගන්න. අවශ්‍ය කැබිනට් පත්‍රිකාව රෑම සම්මත කරගෙන උදේම වඩුවෝ ටික රිමාන්ඩ් කරන්න. ලොකු මහත්මයට මෙච්චර උගත් උපදේශකයන් හිටියට පරිසරය ආරක්ෂා කරගන්න අවශ්‍ය නම් වඩු මඩු සහ දම්වැල්, කියත් තහනම් කරන්න ඕනේ කියලා උපදෙස් දීලා තිබෙන්නේ පොළොන්නරුවේ ගැමියෙක්.., සමහර විට ඔහුට කැබිනට් උපදේශක කමක් දෙන එක සම්මත කරගන්න කැබිනට් මණ්ඩලේ රැස්වෙන්න එන්න කීවද දන්නෙත් නැහැ.
ගාල රැස්කිරීම ගැන මටත් හිතා ගන්න බැහැ මොනවා කරන්න හදනවද කියල .