(රංජන් කස්තුරි)
කැබිනට් මණ්ඩලයේ කොකේන් භාවිතා කරන ඇමැතිවරුන් සිටින බවට සිදුකෙරෙන ප්‍රකාශ පදනම් කරගෙන විමර්ශනයක් සිදුකරන්නැයි සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද (17) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.
රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා විසින් කැබිනට් මණ්ඩලයේ කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සිටින බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවද ඒවා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුණු බවද එම නිසා රාජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රකාශය මුල් තොරතුරක් සේ සලකා එම විමර්ශනය සිදුකරන්නැයිද සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා කර ඇත පැමිණිල්ලේ සඳහන් කර ඇත.
අන්තරාදායක ඹෟෂධ පනත යටතේ එවැනි විමර්ශනයක් සිදු කිරීමට පොලිසියට හැකියාව තිබෙන බවද එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
මත්ද්‍රව්‍යවලට එරෙහිව මේ වනවිට රටපුරා විරෝධතාවයක් මතුව ඇති හෙයින් හා කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් වන චෝදනා බරපතල හෙයින් එවැනි විමර්ශනයක් කිරීම අවශ්‍ය බවද එහි සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රටම එකම විහිළුවක් බවට පත්වෙලා.
කැබිනට් මණ්ඩලයේ පමණක් නොවෙයි, මුළු පාර්ලිමේන්තුවේම සිටින සියලුම දෙනා මත්ද්‍රව්‍ය ගන්නේද කියා සොයා බැලීම කල යුතුයි. එසේ කව්රුන් හෝ සිදුකොට තිබේ නම්, පක්ෂ, පාට නොබලා ඔවුන්ට දඬුවම් කළ යුතුයි. පාර්ලිමේන්තුවට කිසිදා පැමිණීමට ඉඩ නොදිය යුතුයි. ඒ වගේම හාල්මැස්සන් පමණක් නොව තෝරුන්, මෝරුන් ගැනද සොයා බලා දඬුවම් කළ යුතුයි. කුඩ්ඩන්ට, පාතාලයන්ට උදව් කරනා හා කළ සියලුම දෙනාටද දඬුවම් කිරීමට පියවර ගන්නා ලෙස දොලවත්ත මහතාගෙන් ඉල්ලා සිටීමට කැමතියි. ඒ වගේම අර කුඩුකාරයෙක් බේරාගන්න හෙලිකොප්ටරයෙන් ගිය එකත්, කුඩු බේරගන්න වරායට ලියුමක් දුන්නා.. එ්කත් වැරදිලාවත් අමතක කරන්න එපා හොඳේ. ඒවා ගැනත් හොඳට හොයා බැලුවොත් වැඩේ පිටුපස ඉන්නා කට්ටිය ගැන සොයා ගැනීම අපහසු නැහැ....
මෙතරම් මත්ද්‍රව්‍ය සුලභ වූයේ දේශපාලක අනුග්‍රහයෙන්ද? රටකට ගිය කලක්... වචන විතරයි ලස්සන,.. සුබ අනාගතයක්... යහපාලනය, මතට තිත, තිරසාර සංවර්ධනය...
දැන් රන්ජන් කියපුවම ඔක්කොටම නඩු දාන්න මතක් වෙනවා. ඉස්සර මහින්ද ලන්සව ආරක්ෂා කරනකොට, ගෝඨා දුමින්ද ආරක්ෂා කරනකොට කිසි නඩුවක් දැම්මේ නෑ. මේක රන්ජන් හිර කරන සැලැස්මක්ද දන්නේ නෑ...
මේ වැඩේ පටන්ගත්තා නම් අවසානයක් දක්වා වියයුතුයි. මොකද මේවායේ ප්‍රතිඵල රටේ ජනතාව බොහොම උනන්දුවෙන් බලා සිටින නිසා...
ඩ්‍රග්ස් ලංකාවට ගේන්නේ ඉහළ පුටුවල දැනුවත්කමකින්... නැතිනම් ඔච්චර දෙයක් බැහැ. මහින්දගේ කාලේ ඩ්‍රග්ස් වෙළඳුන් ආරක්ෂා කරපු නිසයි අද මෙච්චරටම වැඩිවෙලා තියෙන්නේ..
මත්ද්‍රව්‍ය භාවිතය රටේ වඩාත්ම සුලබ වූයේ 2009/10 වසර වල පටන්ය. මෙය රාජ්‍ය අනුග්‍රහය නැතිව සිදුවූවා යයි සිතිය නොහැක.