(අජන්ත කුමාර අගලකඩ)
යොවුන් ගායන ශිල්පිනි යොහානිද සිල්වාට බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් පර්චස් දහයක පමණ ඉඩම් කැබැල්ලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවී ඇත.
ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශය අද(20) පැවති කැබිනට් රැස්වීමේදී අනුමත වූ බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළේය
බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවත පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් කොටසක් යොහානිට මෙලෙස පිරිනැමෙනු ඇත.
මැනිකේ මගේ හිතේ ගීතය ගායනා කරමින්, සිංහල ගීතයක් ජාත්‍යන්තරයට ගෙනයාම අගය කරමින්, ඇයට කරන උපහාරයක් වශයෙන් මෙම ඉඩම් කැබැල්ල පිරිනැමෙන බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
යොහානිට වඩා මේ රටට කීර්තියක් අරන් දුන්නු අය කොයිතරම් ඉන්නවාද? යොහානි ඉන්දියානු සංචාරයෙන් පස්සේ කොළඹින් ඉඩමක් ගන්න පුළුවන්... විශාල මුදලක් හම්බ කරගෙන ආවේ. නැවත රජයෙන් ඉඩම් දෙන්න අවශ්‍ය නෑ. ආචාර්ය පණ්ඩිත අමරදේවයින්ගේ භෂ්මාවශේෂ තාමත් මල් ශාලාවේ. මේ ආණ්ඩුවට අමරදේවයින්ට වඩා යොහානි වටිනවා... ඔන්න කැබිනට එකේ ඉන්න අයගේ මානසිකත්වය. යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ මහින්ද... එ්තුළ ඉන්න තැනත් හිතාගත හැකියි. හෙට අනිද්දා තව අය ගීත ගයලා ජාත්‍යන්තරයට ගියොත් කොළඹ ඉඩම් මදිවෙයි බෙදන්න. මෙවැනි නූගතුන් පාර්ලිමේන්තු ඇරපු අපට හෙන ගහන්න ඕනෑ...
අනේද කියන්නේ .ඉන්න හිටින්න රටක් හම්බ වුනා හරිම වාසනාවන්තයි.ඉරාජ්ට වෙච්ච දේ තමයි මෙයාටත් වෙන්නේ
යොහානිට ඉන්න තැනක් ඇත්තෙම නැද්ද? දුප්පත් මිනිස්සු වෙනුවෙන් ගෙයක්වත් දුන්නෙ නැති රජය තියන අයටම තවත් දෙනව.
මේ දීමනාව නොකටයුත්තක් ලෙස මම දකිමි.මේ විදිහට නම් නන්දා මාලිනී වගේ ශිල්පිනියන්ට සහ වික්ටර් වගේ ගායක ශිල්පීන්ට කුරුඳු වත්තෙන් මාලිගාව බැගින් දීම සුදුසුය.වල්ගා තරු එතරම් කල් අහසේ දිලෙන්නේ නැත.ඒවාට තමන්ගේම ආලෝකයක් නැත