
(නිමල් ජයරත්න)
මහවැලි බී කලාපයේ මෙවර මහ කන්නයේ කාබනික පොහොර යොදා වගා කළ කුඹුරු අක්කර 60,000කින් වී කිලෝ ලක්ෂ තුනක පමණ අඩුවක් පෙන්නුම් කරන බව ගොවීහු පවසති.
ඒ අනුව මහවැලි බී කලාපයේ ගොවි පවුල් 25,000 ට මුදල රුපියල් ලක්ෂ 2700 ක් පමණ පාඩුවක් සිදුව ඇතැයි ගොවීහු සඳහන් කළහ.
රසායනික පොහොර භාවිතයෙන් මීට පෙර කන්නවලදි ගොවියකු අක්කර දෙකහමාරක කුඹුරකින් වි කිලෝ 6000 - 7000 යන ප්‍රමාණයන් ලබා ගත්ත ද මෙවර කාබනික පොහොර භාවිතයෙන් වී වගා කරන ලද ගොවියකුට එම කුඹුරකින් ලබාගැනීමට සිදුව ඇත්තේ වී කිලෝ 2000 කට අඩු ප්‍රමාණයක් බවද ගොවිහු පෙන්වා දෙති.
මේ අතර මේ වනවිට මහ කන්නයේ වී අස්වනු නෙලා අවසන් දිඹුලාගල වී ගොවීන් පවසන්නේ තමන්ට ද මෙවර කාබනික පොහොර භාවිතයෙන් වී වගා කිරීම් නිසා දැඩිලෙස පාඩු සිදුව ඇති බවයි,
ලබාගත් වී අස්වැන්න අලවියෙන් යන්ත්‍ර සූත්‍ර සඳහා ගෙවිය යුතු මුදල් ගෙවීම්ට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි ගොවීහු කියති.
මෙම තත්ත්වය මත එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට තම දරුවන්ට අලුත් ඇදුමක් හෝ කිරිබත් කෑල්ලක් පිස ගැනීමටවත් වී ටිකක් තබා ගැනීමට නොහැකි වී ඇති බවද මහවැලි ගොවීහු පවසති.

2025 දෙසැම්බර් මස 18
613
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාබනික වගාවෙන් ගොවියා හාන්සියිලු