
(අංජුල මහික වීරරත්න)
අහිතකර බැක්ටීරියා අන්තර්ගත බවට පරීක්ෂණවලින් තහවුරු වීමෙන් පසු ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කෙරුණු චීන පොහොර නැව වෙනුවෙන් චීන කාබනික පොහොර සමාගමට ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අර්බුදයකට තුඩු දී ශ්‍රී ලංකා මුහුදු තීරයේ නවතා තැබූ චීන පොහොර නැව නැවත චීනයේ සමාගම වෙත ගෙන යාමට එකඟතාවයකට පැමිණ ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඒ අනුව දැනටමත් ගිවිසුම් ගත කාර්යසාධන ඇපකරය සුරැකුමක් ලෙස තබා ගනිමින් සහ ණයවර ලිපියේ හා දෙපාර්ශවයේ ගිවිසුමේ කොන්දේසි අනුගමනය කරමින් පොහොර නැව ආපසු සිය සමාගම වෙත රැගෙන යාමට එකඟත්වය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
චීනයේ ක්වින්දා ඕ බයෝටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති වාණිජ අර්බුදය දෙපාර්ශවයටම එකඟවිය හැකි වාණිජ කොන්දේසි මත සමථයකට පත් කර ගැනීමට නීතිපතිවරයා විසින් දුන් උපදෙස් අනුව මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට ඊයේ (13) ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 02ක් පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍ය මණ්ඩලය නීතිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කිරීමට අදාළ බලධාරීන්ට බලය දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී කෘෂිකාර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා පැවසූයේ අදාල චීන සමාගම විසින් ප්‍රසම්පාදනයට අනුකූලව පොහොර ලබා නොදුන් නිසා මුදල් ගෙවීමට හැකියාවක් නැති බවයි.
කෙසේ නමුත් නීතිපති උපදෙස් අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට හානියක් නොවන පරිදි කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමිතියට නැති අහිතකර පොහොර වලට ගෙවන්නේ මොකටද? මේවා මේ තීරණ ගන්න මෝඩ ඇමතිවරු මන්ත්‍රීවරු ගෙවල් වලින් ගෙනාපු සල්ලිද?
මොකටද නරක භාණ්ඩ වලට මුදල් ගෙවන්නේ? චීනෙට දැනට ඔහොම බයනම්, ඉස්සරහට චීනේ කොහොම සෙල්ලම් දායිද රටේ
නටපු නැටුමකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ.
කවුද වග කියන්නේ?
අසූචි නැව එන්නත් කලින් ගත්ත කොමිස් තමයි මේ වෙන විදියකට රටේ මුදල් වලින් ගෙවන්නේ. 69 ලක්ශයට පුදුම සතුටක් ඇත්තේ වියතුන්ගේ වැඩ ගැන.
අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන සල්ලි ගෙවනව කියන්නෙ මේ වගේ දේවල් වලට. මේ කොරෝනා අල්ලපනල්ලෙ වස විස නෙවෙයි තිරිවාණා ගල් ගිලලා හරි ජීවත් වෙන්නයි ඕනෑ.
ආහාර ඛනිජ තෙල් කිරිපිටි ආනයනය සඳහා ඩොලර් හිඟයි. ඒවා වරායේ හිර වෙලා. මෝඩ පාලකයින්ගේ නියෝග මත එහෙයියන් වන නිලධාරීන් විසින් වග විභාගයකින් තොරව චීන අසූචි නැවකට ණයවර ලිපි විවෘත කිරීමේ විපාකය නිසා සමස්ථ ජාතියේ උප නූපන් පිරිසකට ඩොලර් මිලියන ගණනකින් වන්දි ගෙවීමට සිදුව ඇත. මෙම වන්දිය සඳහා විදේශ ගතව දහදුක් විඳ එවන ඩොලර් ටිකත් පිදිය යුතුව ඇත. ලබන සිංහල අවුරුද්ද වනවිට රටම බංකොලොත් කොට සාගතයකට ඇද දමන ලකුණු දැනටමත් පෙනේ.
වගකිව යුත්තන් විසින් පුද්ගලිකවම මෙම මුදල ගෙවිය යුතුය.
චීනයත් ඉන්දියාවත් කාබනික පොහොර නිෂ්පාදනය කරනවනම් කොහොමද කාබනික පොහොර භාවිත කරන පළමු රට ලංකාව කියලා කියන්නේ?
අන්තිමට පෝරත් නෑ නැවත් ගියා. අපේ ලේ දහදිය වගුරලා හොයපු සල්ලි නිකම්ම පිදුවා.
රටේ ඉන්න මැටි මෝල්ලු මොට්ටයින් වෙලා. මේ අයටම තමයි ආයෙත් ඡන්දෙ දෙන්නේ..
ඔය ජාවාරම ගේන වෙලාවේ මේ කෝටි 6.7 වියදම් කරලා පෝර ගෙනාවා නම් මෙලහකට ගොයම් පාගනවා.
කෝටි 6.5ක් ගෙවන්නේ කවුද? කුණු පෝර ගෙන්නපු ඇමැතියාද? නැතිනම් අපිද?
හොඳටම කෙරිල්ලේ අඩුවක් නම් නැහැ...
ඉතින් ඕක බාරගත්තා නම් ප්‍රශ්නයක් නෑනේ...
අර රාජපක්ෂලාට ගෙදර අයත් දෙන්න බලාගෙන ඉන්න අයට මේවා පේන්නේ නැද්ද දන්නේ නැහැ... මේ වගේ කලකණ්ණි ටිකක්...
චීනෙන් ප්‍රවේසම් වන්න.
මේ කාබාසිනියාවට තමයි රටවිරුවන් කුලීවැඩ කරලා උපයා ගන්න ඩොලර් ටික රටට එවන්න කියලා කියන්නේ....
දැන් ලෝකෙටම තේරෙනවා නේද ඔය මහලොකු පාලකයින්ගේ නියම ස්වරූපය... අන්තිමේදී ගොවියාට මොන පොහොරක්වත් නැහැ රටට කන්න එළවලු බත් ටිකත් නැහැ. සල්ලි අන්තිමටම හිඳිලා ඉන්න වෙලාවේ නිකම්ම කොහෙවත් තියෙන රටක් කොම්පැනියකට ඩොලර් හැත්තෑ ලක්ෂයක් පුජා කරන්නත් වුණා. මේ අමන ඇණවුම් කිරීම කරපු නිලධාරියා ජාතිද්‍රෝහියෙක්. ඔහුට සතපහක ගාණක්වත් නැහැ වගේ. ඔහු දැන් සද්ද නැතුව ඉන්නේ මිනිස්සුන්ට මේ වැඩේ ඔහේ අමතක වෙලා යාවි කියලා. මීට පෙරත් රටට විශාල හානි කරවපු අයෙක්. එහෙම නෙමෙයි මුළු රටම එක හඬින් කතා කරන්න ඕනෑ මේ එල්.සී.. ඕපන් කිරීම අමන විදියට කලේ කවුද කියලා...
මහදැන මුත්තයි, ගෝලයෝ රොත්තයි. අලි බබයි, හොරු 40යි. කොහොමද දැන් සැපද?
දියවන්නාවත් වහල දාල අර එක්කෙනා රටෙන් යනකල්ම හිටිය නේද වැඩේ කරන්න. එයා හිටියානම් ඔය සතයක්වත් දෙන්න ඉඩ තියන්නේ නෑ. ඒ වෙනුවට නැව උස්සලා ඔය හොර ගනුදෙනුවට සම්බන්ධ සියලුම දෙනාගේ ඔලු ගෙඩි උඩට අත අරිනවා අත අරිනවා මයි.
රටේ මිනිස්සුන්ය කන්න දෙන්න ඩොලර් නෑ. මේ වැඩ නිසා ජනතාවගේ මුදල් මේවාට ගෙවන්න එපා මෙවාට වගකිව යුතු අයගෙන් අයකරන්න
ඒවා ගෙව්වේ චීන අසූචි ලෝකේ හොඳම අසූචි නිසා
ඕනෑම අවස්ථාවක හිමිකම් පියවීම සඳහා රාජ්‍ය අරමුදල් අවශෝෂණය නොකළ යුතු නමුත් වගකිව යුතුය!
නව පොහොර බාන්නේ නැතුව ගිය එක රටේ වාසනාවක්
කොන්දක් තියෙන කෙනෙක් බලයට ආපු දවසක මේ ගෙවීම අනුමත කල අය ගෙනුත් ණයවර ලිපි විවෘර්ත කල අයගෙනුත් පොහොර ඇනවුම් කල උන්ගෙ නුත් දේපොළ රාජසංතක කර හෝ මෙම ජනතා මුදල් අයකර ගැනීමට කටයුතු කල යුතුය
අන්තිමේදී බඩුත් නැහැ .හිඟ වෙලා තිබෙන ඩොලර් ප්‍රමාණයකුත් නිරපරාදේ නාස්ති වුනා.වගකිවයුත්තන් සැපට වැජඹෙනවා.
ඒකත් අර ගුවන් යානා ඕඩර් කරලා කොමිස් එක අරන් පස්සේ ආණ්ඩුවේ සල්ලි වලින් වන්දි ගෙවලා කැන්සල් කරනවා වගේ වැඩක්.පෝර ඔර්ඩර් එක දෙද්දී ගත්තු කොමිස් එක ගත්තු කෙනා ආපසු දෙන්නේ නැහැනේ නේද?
දරුවකුට දෙන්න කිරිපිටි නෑ මුන්ට හෙන ගහන්න ඕනේ
මේ ඩොලර් නැති අවස්ථාවෙදී ඕක ගෙවුවා කියන්නේ මොන තරං අපරාධයක් ද. ඔය පාඩුව ගෙවන්නේ කවුද ?
මිලානෝ දැන්වත් කඩේ යන එක නවත්වන්න. අපි ඔක්කොටම කෙලවිලා ඉවරයි, අලුත් දෙයක් ගැන හිතමු
පොහොර මෙරටට ගෙනැවිත් තත්ත්ව පරීක්ෂාවකට භාජනය කිරීමෙන් අනතුරුව ණයවර ලිපි නිකුත් නොකොට,කිසිදු පරීක්ෂාවකට පෙර ණයවර ලිපි නිකුත් කළ කෙනා තමයි මෙහි වගකිව යුත්තා.නීතිපතිට මේ බව පෙනුණේ නැත්තේ ඇයි ? මේ රටේ මේ වැනි දුක්බර අවස්ථාවක මෝඩ තීරණයක් නිසා මේ මුදල් සම්භාරය මෙසේ රටට අහිමි වෙද්දී විපක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන අංශ මෙයට වගකිවයුත්තාට එරෙහිව නීතිමය පියවර නොගන්නේ මන්ද ?
අර යහපාලනයේ බැදුම්කරයට ගත්තු මුදල් ගත්තා වගේ බැරිද මෙයාලගෙනුත් මේකට මූලික වූන අයගෙන් මේ මුදල් අයකර ගන්න. මොකද මෙකේත් යටින් තියෙන්නේ හොරකමක්මයි.
චීනයට ගහනවා නැවත අපට අසුචි පොහොර එව්වොත්
පෝරත් නෑ සල්ලිත් නෑ කොහොමද විද්වත් රජයේ කෙරුවාව ?
මොළ 7ඒ ආණ්ඩුව හොදට කරනවා ..
කොහොමද අපේ ලොක්කාගේ සහ ගොලබාලයින්ගේ වැඩ?ඕකට තමයි කියන්නේ ලෝකෙම හොඳම ඔලුව තියන උන් ඉන්නේ ලංකාවේ කියලා.දේශපාලකයොත් එකයි ඔය මහ ලොකු ආචාර්ය ,මහාචාර්ය උනුත් එකයි
දැන් සැපද? ඔබට සතුටුයිද?
අර චිත්‍ර ඇදපු මල්ලිලා මේ අසූචි නැවයි, සීනි නැවයි, පොල්තෙල් නැවයි, නැනෝ යූරියා නැවයි, ගෑස් සිලින්ඩරේකුයි යුදගනවි බලාගාරයයි බෝක්කු කටවල් කීපයක සිතුවම් කරනවනම් මම තීන්ත සහ ප්ලේන් ටී නොමිලේ දෙනවා.
කඩේ යන බමුණුආරච්චිට මේවා පේන්නේ නැද්ද?
ඔය මුදලින් රසායනික පොහොර ගෙනල්ලා ගොවියන්ට දෙන්න තිබුනා
අන්තිමට මේ තරම් විශාල රාජ්‍ය ධනයක් නාස්තිකරපු වගකිවයුතු කෙනෙක් නැද්ද ?
ඩොලර් මිලියන 49ක් ඉල්ලලා නේද නඩු දාලා තියෙන්නේ. මුළු එකම ගෙවන්න වෙයි.
අනේද කියන්නේ...!!! අන්තිමට රටට පෝරත් නෑ. අඩුගානේ චීනාගෙ අසුචි ටිකවත් නෑ..!!!ඒ වුණාට නැති ඩොලර් චීනෙට ගෙන්වනවා. කමක් නෑ ඉතින් කාටහරි කොමිස් මුදලක් ලැබෙයිනේ.. දැන්නම් හරිම සැපයි...! ඔබට සුබ අනාගතයක්...!!!
අන්තිමට චීනයේ අසූචි නැවටත් සල්ලි ගෙවන්න වුණා. ඔබට සතුටුයිද දැන්..?
මේ වගේ අපත ආණ්ඩුවක් මුළු ලෝකෙම නැතුව ඇති...
දේශපාලකයින් ඕනේ එකකට හා කිව්වට මේවාට සම්බන්ධ නිලධාරීන් සියලු දෙනාම වැඩතහනමකට ලක්කළ විශ්‍රාම වැටුප් අහිමි කර, සියලු දේපළ රාජසන්තක කළ යුතුයි.