(සුජිත් හේවාජුලිගේ )

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සිරකරුවන් යොදා ගැනීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

මෙම  කාබනික පොහොර නිෂ්පාදන වැඩපිළිවෙල  මඩකළපුව  බන්ධනාගාරයෙන්  හෙට (26)අරඹන බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය මඩකළපුව  බන්ධනාගාරයෙන් අද ඇරඹෙන්නේ නියම නියමු ව්‍යාපෘතියක් හැටියට යැයි කී  ලොහාන් රත්වත්තේ මහතා එම වැඩපිළිවෙල ඉතාම කෙටි කලකදී සෙසු බන්ධනාගාරවලටද ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව  කීවේය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ  මූලිකත්වයෙන් මෙම  වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මඩකළපු බන්ධනාගාරයේදී   කාබනික පොහොර නිෂ්පාදන වැඩපිළිවෙළ  අද ආරම්භ කිරීමේ උත්සවයට  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද  බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීහුද සහභාගී වෙති.