(නිමල කොඩිතුවක්කු)
කාබනික පොහොරවලට ජනතාව හුරුවන තුරු කාබනික සහ රසායනික පොහොර දෙවර්ගයම භාවිතා කිරීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ආණ්ඩුවෙන් යළිත් වරක් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ක්‍රමවත් සහ නිශ්චිත සැලැස්මකට අනුව ගත යුතු තීන්දු පටු අරමුණු වෙනුවෙන් ගැනීම හේතුවෙන් මෙරට ගොවි ජනතාවත් සමස්ත රට වැසියනුත් බරපතල අනතුරක අභිමුව සිටින බවද විපක්ෂ නායකවරයා සදහන් කළේය.
ලුණුගම්වෙහෙර බෙරලිහෙල ප්‍රදේශයේ ජනතාව හමු වෙමින් ඔහු මේ බව පැවසීය. එහිදී ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන විශේෂ ප්‍රශ්න කිහිපයක් පිළිබඳව විපක්ෂ නායකවරයා සිය අවධානය යොමු කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාව කටයුතු කරන අවධියේ දී ප්‍රදේශයේ ජල ගැටලුව විසඳීම වෙනුවෙන් ලුණුගම්වෙහෙර ජල යෝජනා ක්‍රමය වැඩි දියුණු කිරීම සඳහා වූ ව්‍යාපෘතිය ආරම්භ කළ අතර නව ආණ්ඩුව විසින් එම ව්‍යාපෘතිය අතරමඟ නවතා දැමීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව බලවත් ජල ගැටලුවකට මුහුණ දී සිටින බවද එහිදී හෙළි විය.
මේ පිළිබඳව විපක්ෂ නායකවරයා සිය අවධානය යොමු කළ අතර ලුණුගම්වෙහෙර ජල යෝජනා ක්‍රමය වැඩි දියුණු කිරීම සහ ජල ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාවය එහිදී අවධාරණය කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වලට බෙහෙත් නියම කළා වගේද?
උසනම් කාබනික... මිටි නම් රසායනික....
ඇයි පෙළපාලි ගිහිනුත් කාබනික පොහොරට හුරුවෙන්න පුළුවන්...
බොත්තම තද කරලා බලන්න මොනවද පාවිච්චි කරපු පෝර කියලා...
සජිත්ගේ කතාව සහතික ඇත්ත.. කොච්චර කෘෂිකාර්මික විශේෂඥයින් කීවද මේක අවුරුදු 5 ක විතර කාලයක් අරගෙන රසායනික පොහොර ක්‍රමයෙන් අඩුකරන්න කියලා. වැඩක් සාර්ථක වෙන්න නම් ඒ සඳහා වැඩපිළිවෙලක් තිබිය යුතුයි.. එසේ තිබුණි නම් මිනිස්සු පොහොර ඉල්ලා මහා පාරට එ්මට අවශ්‍ය නොවේ. ගොවියන් පොහොර නැතුව පොළවේ පස් කනවා. ගොවියා රජකරනවා කිව්ව පාලකයින්ට ගොවියා අද සාප කරනවා...
දෙකම කවලම් කරලා වැඩක් නැහැ. පස සාමාන්‍යකරණය එතකොට වෙන්නේ නැහැ. රසායනික ද්‍රව්‍ය වලට පාංශු ජීවීන් විනාශ වන බව දන්නේ නැතිද?
ඔය විදිහට තමයි සුද්දන් අපිට අරක්කු, සිගරට්, බෙහෙත්, කිරිපිටි පුරුදු කළේ...
අද තාත්තයි, රංජන් විජේරත්නයි හිටියා නම් මේවා සුළු දේවල්නේ...