IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


කෝප් කමිටුවට තිලංග පත් කිරීම සදාචාර විරෝධියි

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳව පොදු ව්‍යාපාර කාරක සභාව හමුවේ පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් එහි සමාජිකයෙකු ලෙස තිලංග සුමතිපාල මහතා පත් කිරීම සදාචාර විරෝධි ක්‍රියාවක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා මියයාම හේතුවෙන් පොදු ව්‍යාපාර කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා ස්ථාවර නියෝග 23(8) ප්‍රකාරව තිලංග සුමතිපාල මහතා පත්කර ඇති බව දැනුම් දෙමි.

බිමල් රත්නායක මහතා

තිලංග සුමතිපාල මහතාට විරුද්ධව දැනට කෝප් කාරක සභාවේ පරීක්ෂණයක් සිදු වෙනවා.එතැනදී කතානායක වශයෙන් ඔබතුමාට බලයක් තියෙනවා ක්‍රිකට් පාලක මණ්ඩලයක් තිබෙන කරුණු සම්බන්ධව පරීක්ෂණයක් සිදුවෙන නිසා ඒ මන්ත්‍රීතුමා ඊට පත් නොකර සිටින්න.එසේ පත් කිරීම සදාචාර විරෝධී ‍මේක පාර්ලිමේන්තුවට කළ නිග්‍රහයක් එම නිසා ඒ පරීක්ෂණ අවසන් වනතුරු එතුමා ඒ කාරක සභාවට පත් කිරීම නතර කරන්න.

නියෝජ්‍ය කතානායක

මා ඒ ගැන කතානායකතුමා දැනුවත් කරන්නම්.

තිලංග සුමතිපාල මහතා

මට මේ කමිටුවේ සමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට සුදුසුකම් තිබෙනවා.මට විරුද්ධව කරුණුත් තිබෙන විට ඉන් ඉවත් වී සිටිය හැකියි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමා ඒ ගැන දන්නේ නැතුව ඇති.ඒ ගැන කණගාටුවෙනවා.



අදහස් (12)

කෝප් කමිටුවට තිලංග පත් කිරීම සදාචාර විරෝධියි

Prabha Wednesday, 23 October 2019 06:48 PM

දී කිරට බළල්ලුත් සාක්කියි කිව්වලු. අනේ අපේ රට...

:       0       56

Raveendra Wednesday, 23 October 2019 11:38 PM

තිලංගයගේ පත්කිරීම විතරක් සදාචාර විරෝධි ක්‍රියාවක් වෙන්නේ කෙසේ? ඇයි ඔතනට පත් කරලා තියෙන අනිකුත් ඇමතියෝ, නියෝජ්‍ය ඇමතියෝ, මන්ත්‍රීන්ගේ පත් කිරීම සර්ව සාධාරණද? ඇයි මෙම ගැටලුව පිලිබදව මිට පෙර ප්‍රශ්න නොකළේ ?? මේ හදිස්සියේ කෑමොර දෙන්නේ කිනම් හෝ දේශපාලන වාසියක් බලාපොරොත්තුවෙන් නොවේද ?

:       715       697

DineshThursday, 24 October 2019 05:04 AM

රවීන්ද්‍ර, ඔබ වගේ කමෙන්ට් දාන ගොඩක් මේකේ ඉන්නවා. හරි දේට හරි කියන්න. ඔබලා වගේ මොලේ පස්සේ තියෙන අය ඉන්නකන් මේ රට හදන්න බැහැ.

:       124       303

RaveendraThursday, 24 October 2019 09:11 AM

Dinesh මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. අවාසනාවට ඔබට අපගේ අදහස් හොදින් වටහාගැනීමට නොහැකිවීම පිලිබදව අප කුමක් කරමුද ? කිසිවක් අපට කලනොහැක මක්නිසාදයත් ඔබ විසින් ප්‍රායෝගිකව ම ඔබගේ ප්‍රධාන ඉන්ද්‍රිය උඩ හොදින් වාඩිවී අවට පරිසරය දෙස උගතෙක් ලෙස විපරම් කිරීමය..

:       230       1

DineshThursday, 24 October 2019 11:23 AM

කඩේ ගියත් හරි දේ අගය කරන්න.

:       0       0

රවින් Thursday, 24 October 2019 01:36 AM

මෙම පත්කිරීම ගැන පුදුමවිය යුතු නැහැ. මෙරටේ කොයිදේද සදාචාරාත්මකව පවත්වාගෙන යන්න ලැබුනේ? ලංකාවේ දුෂිතයින් වැඩිම ස්ථානය උත්තරීතර යැයි කියන ස්ථානයම තමයි. ඔය කොමිටුවට පත්කිරීම් කිරීමේ ක්‍රමවේදය මහජනයාගේ හිත සුව පිණිස පලකරන්නකෝ.

:       0       37

Kumar Thursday, 24 October 2019 01:47 AM

එක දොරක් වැසෙන කොට තව දොරක් විවෘත වෙනවා කියන්නේ ඕකට වෙන්න ඇති.

:       1       22

sharm warn Thursday, 24 October 2019 05:26 AM

අපේ රටේ ඉන්න දේශපාලන හැතිකරේ කවද්ද සදාචාරාත්මක වැඩක් කලේ කියන්නකෝ..? ඔවුන්ගේ අහලකවත් නැති සදාචාරයක් කොහෙන්ද බලාපොරොත්තු වෙන්න යන්නේ? එ් අය සදාචාරයක් දැනගෙන හිටියා නම් මේ රටට මෙහෙම කෙළවෙලා තියෙයිද?

:       0       27

de silva Thursday, 24 October 2019 06:09 AM

ක්‍රිකට් ඒකත් කාලා දැන් කෝප් කමිටුවත් ඇඟිලි ගහන්න හදන්නේ ?

:       0       51

de silva Thursday, 24 October 2019 08:14 AM

බලයට සහ ධනයට ඉතාම කෑදර පුද්ගලයෙක් , පක්ෂ පාට කුමක් වුනත් මෙතුමාට සහ එජාපයේ රවී කරුණානායකට මනාප ගැසීමෙන් වළකින්න .

:       0       9

කුමාර Thursday, 24 October 2019 10:38 AM

එතකොට පාස්කු ප්‍රහාරය සම්බන්ධව සෙවීමට පත්කළ පාර්ලිමේන්තු කමිටුවට නලින්ද පත් කිරීම හරිද? ජවිපෙ මන්ත්‍රී ලැයිස්තුවේ ඊබ්‍රාහිම් සහ ඔහුගේ පුත්‍රයන් ත්‍රස්තයන්ව සිටියදී ඒ ගැන සෙවීමට පත්කළ කමිටුවේ ජවිපෙ මන්ත්‍රී සිටීම අක්‍රමිකතාවයක් බව කිව යුතුය.

:       15       0

sisira Thursday, 24 October 2019 11:33 AM

මෙම පුද්ගලයා එවැනි කිසිම තනතුරකට සුදුස්සෙක් නොවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1177 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1177 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 434 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site