IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


කෝප්, කෝපා ඇතුලු සියලුම කාරක සභා වහා ක්‍රියාත්මක කිරීම

(නිමල කොඩිතුවක්කු)

පාර්ලිමේන්තුව විසිරවීමත් සමඟ අහෝසි වූ කෝප්, කෝපා ඇතුලු සියලුම කාරක සභා වහා ක්‍රියාත්මක කිරීමට මෙන්ම  ඒ සඳහා ඉතාමත් සුදුසු පුද්ගලයන්ද පත්කළ යුතුව ඇතැයි  සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය.

රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීම සඳහා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ කඩිනම් තීන්දු ගත යුතුව ඇතැයිද  ජයසූරිය මහතා සඳහන් කළේය.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට පියවර ගෙන ඇති බව ඉකුත්දා ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත්,  යෝජිත ව්‍යවස්ථාව ජනතාව හා පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කරන ව්‍යවස්ථාවක් මිස, රජය පත්කළ නියෝජිතයින් විසින් සකස් කරන ව්‍යවස්ථාවක් නොවිය යුතු බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

“මේ රට තුළ දැන්වත් ජාතික සමගිය හා සංහිඳියාව ගොඩනැගීමට අවශ්‍ය නම්, අනිවාර්යෙන්ම 20 වෙනි සංශෝධනය අහෝසි කිරීමත්, සියලු පුරවැසියන්ට පිළිගත හැකි ගෞරවනීය ව්‍යවස්ථාවක් බිහි කිරීමේ අවශ්‍යතාවයත් අපි පුන පුනා සඳහන් කළා.

මේවා අපි කියන්නේ කට කහනවට නෙවෙයි. නිදහස ලබා අවුරුදු 73 කට පසුව හෝ නැවතත් අප රටේ ජනතාවට අහිමි වූ යුක්තිය, සාධාරණය, සමගිය හා යහ ජීවන තත්ත්වය නැවත ලබා දිය යුතුයි. එය පවතින රජයක යුතුකමයි.

පසුගියදා ජනාධිපතිතුමන් විසින් දෙවන පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කළ අවස්ථාවේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට පියවර ගෙන ඇති බවට සඳහන් කළා. මෙහිදී අපි රජයට පෙන්වා දෙන්නේ යෝජිත ව්‍යවස්ථාව ජනතාව හා පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කරන ව්‍යවස්ථාවක් මිස, රජය පත්කළ නියෝජිතයින් විසින් සකස් කරන ව්‍යවස්ථාවක් නොවිය යුතු බවයි. මෙරට බහුතරයක් එම ක්‍රමවේදය අනුමත නොකරන බව වගකීමෙන් යුතුව සඳහන් කරනවා.

පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ වී තිබෙනවා.  පාර්ලිමේන්තුව විසිරවීමත් සමඟ අහෝසි වූ සියලුම කාරක සභා වහා ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම මෙන්ම  ඒ සඳහා ඉතාමත් සුදුසු පුද්ගලයන්ද පත්කළ යුතු බව පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ ඉතා ඕනෑකමකින් යුතුව අවධානයකින් සිටින ස්වාධින සිවිල් සමාජ ව්‍යාපාරයක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විශේෂ ඉල්ලීමක් කරන්නට කැමතියි.

අප එම ඉල්ලීම කරන්නේ දේශපාලන හේතුවක් මත නෙවෙයි.  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හා මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය වකවානුව තුළ දැඩි කැපවීමකින්, අපක්ෂපාතීව හා ආදර්ශවත් ලෙස ක්‍රියාකළ ක්‍රියා කළ ආකාරය අපි අගය කරනවා’ පිළිවෙලින් එහි සභාපතිවරුන් වශයෙන් ක්‍රියා කළ මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය තිස්ස විතාරණ හා අනුර යාපා මන්ත්‍රිතුමා වැනි අයගේ සේවය පාර්ලිමේන්තුවේ ඉදිරි කාලය තුළ ජනතාවට ලබාදිය යුතු බව අපගේ දැඩි මතයයි. කමිටු සාමාජිකයින් බොහෝ දෙනෙක් තුළ ද දැඩි කැපවීමක් උනන්දුවක් තිබුණා.



අදහස් (0)

කෝප්, කෝපා ඇතුලු සියලුම කාරක සභා වහා ක්‍රියාත්මක කිරීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 162 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 234 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1103 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site