(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට හා ඔහුගේ බිරිඳට කිසියම් දේශපාලන හස්තයක සහයක් ලැබුණේ ද යන්න සොයාබැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා 10 ක් මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 20 ක අල්ලසක් ලබාගත් බවට කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳට චෝදනා එල්ල වී ඇත.
රාජ්‍ය නිලධාරියෙකුට දේශපාලන ශක්තියක් නොමැතිව මෙවන් ගණුදෙනුවක් කළ නොහැකි බව කී මන්ත්‍රීවරයා මෙම ගණුදෙනුව සිදු වූ සමයේ පැවති රාජපක්‍ෂ රජය මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් නොදැන සිටීමට නොහැකි බව ද සඳහන් කළේය.
කපිල චන්ද්‍රසේන මහතා රාජපක්‍ෂවරුන්ගේ හිතවතෙක් වූ නිසා ඒ සම්බන්ධයෙන් සැකයක් ඇතැයි කී රහුමාන් මහතා මෙයට සම්බන්ධ සියලු පාර්ශව සොයා දඬුවම් ලබාදිය යුතු බව ද කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
2025 දෙසැම්බර් මස 04
224
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කපිල චන්ද්‍රසේනට දේශපාලන සහයක් ලැබුණේදැයි සොයාබලන්න