(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නාවලපිටිය, කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයට අයත් මල්ගොල්ල ගම්මානයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි කුරුඳුවත්ත පොලීසිය පවසයි.
මෙසේ ඝාතනය වී ඇත්තේ කුරුඳුවත්ත, මල්ගොල්ල ගම්මානයේ පදිංචිව සිටි වයස අවුරුදු 62 ක පමණ වු පුද්ගලයෙකි. ඊයේ රාත්‍රී මෙය සිදු වී තිබේ.
පෞද්ගලික ආරාවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බවට මුලික පරීක්ෂණ මත හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
සිද්ධියට සම්බන්ධ සැකකරු මිය ගිය පුද්ගලයාගේ නිවසට පැමිණ පළමුව තියුණු ආයුධයකින් කපා කොටා ඇති අතර එම ආරාවුල බේරීමට පැමිණි මිය ගිය පුද්ගලයාගේ බිරිඳද මෙම පුද්ගලයා විසින් කපා කොටා තුවාල සිදු කර තිබේ.
තුවාල ලැබු පුද්ගලයා ත්‍රී රෝද රථයකින් රෝහල වෙත රැගෙන යද්දී සැකකරු යතුරු පැදියකින් පැමිණ ත්‍රී රෝද රථය හරස් කොට නවතා තුවාල ලබා රෝහල් රැගෙන යමින් සිටි පුද්ගලයා නැවැත ත්‍රී රෝද රථය තුලදීම පිහි පහර කිහිපයක් එල්ල කර අනතුරුව ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට තල්ලු කර දමා තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබු මිය ගිය පුද්ගලයාගේ බිරිඳ දැනට ප්‍රතිකාර සඳහා දොලොස්බාගේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු මේවනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇතැයි කුරුඳුවත්ත පොලීසිය පවසයි.





2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැපුම් තුවාලකරු රෝහලට ගෙනයද්දී ආයෙත් ඇවිත් පිහියෙන් අනී
Sanath Wednesday, 24 October 2018 05:16 AM
ඒ තරම් ලොකු චණ්ඩියෙක් පලා ගිහින් හැංගිලා ඉන්නේ කාට බයේද?
benat Wednesday, 24 October 2018 08:13 AM
සියලු සාක්කි ඇත්නම් නඩු අසන්න එපා. හිරේ දමන්නත් එපා. නිදැල්ලේ ඉන්න දෙන්නත් එපා.
lakmal Wednesday, 24 October 2018 08:37 AM
මිනීමරුවන්ට අයිති වුණු ලංකාවක්...
ලුම්බිණි Wednesday, 24 October 2018 09:29 AM
මෙවැනි මිනිසුන් දඬුවම් දෙන අතරේම මානසික ප්‍රතිකාරත් කල යුතුයි.