(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)
‘‘කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්‘‘ මගේ අතින් කාගේ හරි හිත රිදුණා නම් පළමුවෙන්ම කනගාටු වෙනවා‘‘ යැයි වාරිමාර්ග අමාත්‍ය චමිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි පැවැසීය.
ඔහු මෙසේ පැවැසුවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහතා සමග ඇතිවූ බහින් බස්වීමකින් පසුව ප්‍රකාශයක් කරමිනි.
රන්ජන් රාමනායක මහතාට මන්ත්‍රී ආසනය ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මැති සබයේ උද්ඝෝෂණයක් කළ අවස්ථාවේදී ඇමැති චමල් රාජපක්ෂ මහතා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෙන්සේකා මහත්වරුන් අතර මෙම බහින්බස් වීම සිදු විය.
COMMENTS
"ගහගන්න ඕනනම් වරෙන් එළියට" කියලා කිව්වේ කවුද එතකොට...? දුටු දුටු තැන චණ්ඩිපාර්ට් දාන පුරුද්ද පවුලේ ජානවල තියෙන එකද්ද අප්පා...?
එක්කෙනෙක් මෙරටට අමිල සේවයක් කළ උත්තමයෙක්... එක්කෙනෙක් නම් හොර දෙටුවෙක්... ඔන්න ඕකයි දෙන්නගේ වෙනස....
චමල් හැමතැනින්ම ගුටි කෑවා. ෆොන්සේකා එක්ක ගහගන්න චමල්ට පුලුවන්ද? ඒ නිසා ෆොන්සේකා මහත්තයාගේ ඉවසීමට ගරු කරනවා.
සමහරු මෙඩිකල් කන්ඩෙම් කරගෙන ඇමෙරිකාවට පැනලා ගිය අවස්ථාවේ බෝම්බ, වෙඩි ප්‍රහාරවලට මුහුණ දෙමින් ප්‍රභාකරන් සමග අවසානය දක්වා සටන් කළ මනුස්සයා චමල්ට බයවෙයිද?
ෆොන්සේකා මහත්තයා කියන්නේ මේ රට යුද්ධයෙන් බේරාගත් සෙන්පතියා. වරක් ගෝඨාභය රාජපක්ෂ පවා එය මාධ්‍ය ඉදිරියේ පිළිගත්තා. චමල් රාජපක්ෂ යනු නිකන්ම නිකන් දේශපාලකයෙක් පමණයි.
චමල්, ඔයා අර වැදගත් මනුස්සයාටද කියන්නේ?
සරත් ෆොන්සේකා මහත්මයා තම දිවි පරදුවට තබා යුද්ධය දිනා දීමට නිර්භීතව කටයුතු කළා. එතුමන් රට වෙනුවෙන් කළ මෙහෙය මිලකළ නොහැකිය.
මුන් පොඩි කාලේ බලෙන් විභාග පාස් කරන්න ඇති... මේ වයසේදීත් නුගත් ගොන්පාට් දාන්නේ එකයි... මේ වගේ ගස් ගොන්නු තවත් ඔතන ඉන්නවා... රට අගාධයට යන්නේ ඔය නිසා තමයි....
"මගේ අතින් කාගේ හරි හිත රිදුණා නම් පළමුවෙන්ම කනගාටු වෙනවා‘‘ ඔය කතා කලවැද්දන්ට තේරෙන්නේ නැහැ.
සර් එක්ක බැලුවාම චමල් කවුද? ලැජ්ජයි.