IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර මත්පැන් ජාවාරම්කරුවන් දෙදෙනෙකු අල්ලයි

( පුෂ්පකුමාර ජයරත්න )

අලව්ව හුම්බුළුව ප්‍රදේශයේ ජනතාවට කරදරකාරි ලෙස හැසිරෙමින් නීති විරොධි මත්පැන් ජාවාරමක නිරතවූ බව කියන එකම පවුලේ අයිය මලෝ දෙදෙනෙකු කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර අද අත්අඩංගුවට ගැනීමට සිදුවූ බව අලව්ව පොලීසිය පවසයි.

 එකම පවුලේ වයස අවුරුදු 20 ක් සහ 23 ක්වූ සහෝදරයන් දෙදෙනෙකු මේ ආකාරයට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා ⁣හුම්බුළුව පිහිටි තම නිවසේ නීති විරෝධි මත්පැන් ජාවාරමක යෙදෙමින් ඊට විරෝධය පළ කරන ප්‍රදේශවාසීන් සමග නිතරම ආරාවුල් ඇති කරගෙන ඔවුන්ට තර්ජනාත්මක ආකාරයට හැසිරෙන බවට අලව්ව පොලීසියට පැමිණිලි ලැබී තිබිණි. ඊයේ (11) රාත්‍රියේ  මොවුන් දෙදෙනා බීමත්ව පැමිණ හුම්බුළුව ප්‍රදේශයේ නිවාස දෙකක ගේට්ටුවලට කඩු වලින් පහරදී අලාභ හානි සිදු කරන ආකාරය සහිත දර්ශන පහර දීමට ලක්වූ එක් නිවසක සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියක සටහන්ව තිබී ඇත.

එම පහරදීම සමිබන්ධයෙන් සැකකාර සොයුරන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අලව්ව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටියුඩර් අබේවික්‍රම මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද ගිය අවස්ථාවෙිදි තම නිවසේ සැඟවුනු සැකකරුවන් දෙදෙනා පොලිස් නිලධාරීන් වෙතට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබූ අතර අවසානයේදී එම නිවසේ වහලේ සිවිලිමේ සැඟවී සිටි අයිය මලෝ දෙදෙනා එළියට ගැනීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කිරීමට සිදුවූ බව පොලීසිය සඳහන් කළේය.

කඳුළු ගෑස් ප්‍රහාරයෙන් මෙල්ලවූ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන එම නිවස සෝදිසි කිරීමේදී නිවසේ ඇතුළු කාමරයක ඔවුන් දෙදෙනා පවත්වාගෙන යමින් තිබූ නීති විරෝධි මත්පැන් ජාවාරමද පොලීසියට හසුවී තිබේ . එම අවස්ථාවේදි ගෝඩා බැරලයක්ද නිවසේ තිබී පොලීසියට හමුවී තිබෙි .

සැකකාර අයිය මලෝ දෙදෙනා මෙම නීති විරෝධි මත්පැන් ජාවාරමට අමතරව හෙරොයින් ජාවාරමට සම්බන්ධදැයි සෙවීම සඳහා පරීක්ෂණ සිදු කරන බවද අලව්ව පොලිසිය කියයි .

කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන සහ කුරුණෑගල කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ක්‍රිශාන්ත මහත්වරුන්ගේ උපදෙස් අනුව අලව්ව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටියුඩර් අබේවික්‍රම මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති .



අදහස් (6)

කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර මත්පැන් ජාවාරම්කරුවන් දෙදෙනෙකු අල්ලයි

Raveendra Tuesday, 12 May 2020 04:00 PM

සාමකාමී සමාජයට විනකරන්නේ කවුද? ඔහුගේ අඬු කඩාදැමීම කලයුතුයි. අර හිමිකම්, මේ හිමිකම්... සාමකාමී සමාජයට විරුද්ධ හිමිකම් බැවින් ඒවාට ඇහුම්කන් දිය යුතු නැති බව අපගේ අදහසයි. මේ කිසිවෙකු පුනරුත්ථාපනය කල නොහැකි තරමටම කුරුවල් වී ඇත.

:       0       0

samare Tuesday, 12 May 2020 06:58 PM

මේවගේ නරුමයින්ව අපහු එවන්න එපා. ආයුධ පෙන්වන්න එක්ක යන්න.. ප්‍රශ්නයක් නැහැ. මෙ අය සමාජයට අවශ්‍ය නැහැ.

:       1       117

mangala Wednesday, 13 May 2020 02:13 AM

සුරාසැල් වැසිම මෝඩ වැඩක්...

:       0       0

JayaWednesday, 13 May 2020 10:47 PM

තවත් බේබද්දෙක් ! ඒ මදිවට කමෙන්ට්ස් දානවා,

:       0       0

ravi Wednesday, 13 May 2020 06:08 AM

අපේ රට දැන් මුඩුක්කුවක් බවට පත්වෙලා...

:       0       0

sharm warn Wednesday, 13 May 2020 09:33 AM

මේ පවුලේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිහින් තිබිලා තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 125 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 204 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1067 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site