( තිළිණි ද සිල්වා )
කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සාමාජික සාමාජිකාවන් සිය මාසයක වැටුප රජයේ කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කර ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.
ශ්‍රී ලංකාවේ උත්සන්න වෙමින් පවතින කොවිඩ්-19 තත්ත්වය සහ රටේ වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් රජය දරන දැඩි ප්‍රයත්නය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය මෙම පියවර ගෙන ඇත.
ඒ මෙම තීරණාත්මක අවස්ථාවේ දී සංකේතාත්මක දායකත්වයක් ලෙස සිය අගෝස්තු මාසයේ මාසික වැටුප කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කෙරන බවද ෙකන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.
අගෝස්තු මාසය සඳහා වන සිය වැටුප කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ සියලුම අමාත්‍යවරුන්ට ද ඉකුත් දා යෝජනාවක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය ශ්‍රේෂ්ඨ කාර්යයකි. රාජ්‍ය තාන්ත්‍රික, කොන්සියුලර් සහ ඒ ආශ්‍රිත රැකියාවල නියුක්ත වූවන්ට මාගේ ස්තූතිය පුදකරමි. කෙසේවෙතත්, වර්තමාන ලංකාවේ උද්ධමනයේ දැවෙන ගැටලුවකි. වැටුප් නොමැතිව වෙනත් රජයේ සේවකයින් වැඩ කරන්නේ කෙසේද?
කොයි අරමුදලටද යැව්වේ.? හැමතැනම කොරෝනා අරමුදල්, හැබැයි කොරෝනා ඉවර නැහැ.